
'කොවිඩ් 19' විකෘති ප්‍රභේදවලින් ආරක්ෂාවීමට, මීටරයේ පුද්ගල දුරස්ථභාවය ප්‍රමාණවත් නොවන බවත්, එය මීටර් දෙකට වඩා වැඩි විය යුතු බවත් ඇමෙරිකන් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඒ අනුව, සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට ද සිදුවනු ඇති බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
'කොවිඩ් 19' වයිරසයේ සැර විකෘති ප්‍රභේද කීපයක් මේවනවිට හඳුනාගෙන ඇති අතර ඒවා ඉතා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. ඒ අතරින් රටවල් බොහොමයකට ව්‍යාප්ත වී ඇත්තේ 'ඩෙල්ටා' විකෘතියයි. ඊට අමතරව, 'ලැම්බ්ඩා', 'එප්සලොන්' සහ 'මූ' යන වයිරස විකෘති ද ප්‍රබලත්වයෙන් වැඩි බවත් මේවා එන්නත්වලින් මට්ටු කළ නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා බිය පළ කර තිබේ.
'කොවිඩ් 19' වයිරසය බෝ වීම සිදුවන්නේ එම වයිරසය ආසාදනය වූ තැනැත්තකුගෙන් පමණි. වයිරසය ආසාදනය වී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බොහෝ දෙනා සිටින අතර, ඔවුන් ද රෝග වාහකයන් ලෙස ක්‍රියා කරයි. අනුමත කළ මුහුණු ආවරණ දෙකක් පැලඳීම, එන්නත් නියමිත පරිදි ලබා ගැනීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම, දෑත් නිරන්තරයෙන් පිරිසුදු කිරීම වැදගත් වන්නේ ඒ නිසාය.
'කොතරම් පරිස්සම් වුණත් අපගේ එක් අතපසු වීමකින් වයිරසය ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. නවතම පරීක්ෂණවලින් තහවුරු වෙලා තිබෙනවා විකෘති වයිරස ප්‍රභේද වැඩි වේලාවක් වාතයේ රැඳී පවතින බව. ඒ නිසා මීටරයේ දුර, මීටර් දෙකකට වඩා වැඩි කළ යුතුයි' යැයි ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැන් මීටරයේ දුර හරියන්නේ නෑ