චීනයේ පසුගිය ඉරිදා සිදුවූ නායයෑමෙන් පැය 60කට පමණ පසු සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකුගේ දිවි බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
චීනයේ ප්‍රාද්‍ෙශීය බළධාරීන් පවසන්නේ මොහු ටියෑන් සෙමින් නම් 19හැවිරිදි පුද්ගලයෙකු බවයි. පස්වලට යටවූ ගොඩනැගිල්ලක වහලක් යට සිරවී සිටි මොහු බේරාගැනීමට පැය දෙකක් පමණ ගතවූ බව බේරාගැනීමේ කණ්ඩායම් පවසයි.
සෙන්සෙන් පළාතේ කාර්මික දිස්ත්‍රික්කයක සිදුවූ මෙම නායයෑමෙන් ගොඩනැගිලි 30ක් පමණ බිමට සමතලා විය. මිනිසුන් විසින් ගොඩගසන ලද විශාල ගල්ගොඩැල්ලක් අධික වර්ෂාව හේතුවෙන් සේදී ඒමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි චීන බළධාරීන් පවසයි. අතුරුදන් වූ තවත් පුද්ගලයන් 70ක් පමණ සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකකරමින් පවතින බවද ඔවුන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd