
ගතවුණු තෙදින පුරා උතුරු කොරියාවෙන් උණ රෝගීන් 8,20,630 දෙනකු වාර්තා වී ඇති බවත්, ඔවුන්ගෙන් 12 දෙනකු මියගිය බවත්, මෙම 'උණ රෝගයට' ගොදුරු වුණු සමස්ත උතුරු කොරියානුවන් ගණන මේ වනවිට 42 ක් බවත්, එරට රාජ්‍ය මාධ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
උතුරු කොරියාව දරුණු 'උණ රෝගයකට' ගොදුරු වූයේ පසුගිය අප්‍රේල් මාසයේය. එම 'උණ රෝගය' කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදය යැයි තහවුරු වෙද්දී, රෝගය රට පුරා වයාප්තවී අවසන් යැයි සෞඛ්‍ය අංශ පවසා තිබේ.
'කොවිඩ් 19' ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ කට්ටල උතුරු කොරියා සෞඛ්‍ය අංශ සතුව නොමැති අතර, විදේශවලින් ලැබුණු පරීක්ෂණ කට්ටල යොදා ගනිමින් අහඹු ලෙස පරීක්ෂා කරද්දී, උණ රෝගීන් යැයි කී සියලු දෙනා 'කොවිඩ් 19' ආසාදිතයන් බව තහවුරු විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දෙන්නේ උතුරු කොරියාවේ 'ඔමික්‍රොන්' සහ 'ඔමික්‍රොන්' උප ප්‍රභේද දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවය.
ආසාතියන් ලෙස හමුවී ඇති 8,20,630 දෙනා අතුරින් ප්‍රතිකාර අවශ්‍ය යැයි පැවැසෙන්නේ 3,24,550 කට පමණක් යැයි ද පැවැසෙයි. උතුරු කොරියාවේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී තිබේ. ඒ, එරට 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එරටට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර ඇත්තේ 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් උතුරු කොරියාවට ඔරොත්තු නොදෙන බවත්, උතුරු කොරියානුවන්ගේ ජීවිත උඩුයටිකුරු කිරීමට 'කොවිඩ් 19' වසංගත තත්ත්වය හේතුවක් වනු ඇති බවත්ය. උතුරු කොරියානුවන් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන නොමැත.
වයිරසය සියලු ප්‍රාන්ත සහ පළාත්වලට ව්‍යාප්තවීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සිය සෞඛ්‍ය ප්‍රධානීන්ට දොස් නගා ඇතැයි බීබීසී පුවත් සේවය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
වයිරස ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවන පළාත්, ප්‍රාන්ත සහ නගර ලොක්ඩවුන් කිරීමට පියවර ගෙන ඇති අතර, එම ලොක් ඩවුන් කිරීම් හේතුවෙන් කම්හල් වැසී ගොස් කෘෂි කාර්මික කටයුතු පවා අඩපණ වී ඇතැයි පැවැසෙයි. යොංග්යැංග් අගනුවර ද රෝග ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවන බව ද උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
542
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දින 3 කට ආසාදිතයන් 8,20,630 ක්