IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


දඬුවමට එරෙහිව පැරිස් උසාවිය ළඟ

        පැරීසියේ  සුප්‍රසිද්ධ ග්‍රාවින් මැටි රූප කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබූ රුසියා  ජනාධිපති වැලැඩිමීර් පුටින්ගේ පිළිරුවට පා පහරක් එල්ල  කැර බිම දමා වැරදිකාරිය වූ  පැරීසියේ අඩ නිරුවත් කාන්තා හඬ සංවිධානයේ සමාජිකාව වන ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලබන 26 හැවිරිදි යුක්රේන් ජාතික යනා ජඩනෝවාට   පැරීසියේ ඉහළ උසාවිය දඩයක් නියම කළේය.

  තීන්දුවට විරුද්ධව එම සංවිධානයේ සමාඡිකාවෝ පැරීසියේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපස තම විරෝධතාව දැක්වූහ.

උඩුකය නිරුවත් කැර ගත් තිස් දෙනෙක් පමණ ඊට සහභාගී වූහ.

01(44) 02(33) 03(32) 04(24)



අදහස් (0)

දඬුවමට එරෙහිව පැරිස් උසාවිය ළඟ

ගයනි Wednesday, 29 October 2014 08:27 AM

අපි නම් ජීවිතේට මෙහෙම ලජ්ජා නැති දේවල් කරන්නේ නැහැ. (ර)

:       0       0

චමිලා Wednesday, 29 October 2014 09:01 PM

ලංකාවේ ගැහැණු ඇදුම් නැතුව තියා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇදුම් ඇඳගෙන වත් උද්ගෝෂණය කරන්නේ නැහැ. (නදී)

:       0       0

ලක්ෂී Thursday, 30 October 2014 08:12 AM

මෙවැනි විලිලැජ්ජා නැති වැඩ කරන අයත් , ඒවාට ආසයි කියන අයත් මානසික රෝගීන්ද කියා සිතේ. (නි)

:       0       0

රූපසිංහ Tuesday, 28 October 2014 09:37 PM

ලංකාවේ නැද්ද මේ වගේ කාන්තා හඬ සංවිධාන? හිටියොත් අපේ කොල්ලෝ සම්පුර්ණ සහයෝගය දෙයි. පොලිසියේ අය පැරිස් පොලිසියේ අය වගේ උස්සාගෙන යන්නේ නැහැ. ඔහේ උද්ඝෝෂණ කරන්න දීලා බලාගෙන සිටීවි. නැද්ද මම අහන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 10:36 AM

අනේ මටත් ආසයි ප්‍රංශයේ පොලිසියේ රාලහාමි කෙනෙක් වෙන්න. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 10:46 AM

ගයනි, නිකම් බොරු නොකියා ඉන්න. මම හොඳට දන්නවා ඔයා ගැන (නදී)

:       0       0

පෙරේරා Wednesday, 29 October 2014 11:32 AM

මම නම් ඇත්තටම මේ විරෝදතාවයට කැමතියි. එය තමා කාන්තා අයිතිය. අපි ඕවට කලබල වෙන්ඩ හොඳ නැහැ. විරෝදතාවයට ජයවේවා. (නදී)

:       0       0

සමන් Thursday, 30 October 2014 10:13 AM

ෆස්රුල් ගෆූර් හැරෙන්නේ පොල් පැලේ කන්න වගෙයි (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 29 October 2014 11:41 AM

ඇයි නැත්තේ. ගර්භනී මව්වරු රොත්තක් දවසක් දේශපාලන පෙලපාලියක ගියා කව්රු කළත් මෙහෙම තමයි කියන සටන් පාඨය උස්සාගෙන.

:       0       0

උපාලි Wednesday, 29 October 2014 02:18 AM

යමක අගය වැඩිවෙන්නේ හෝ අඩුවෙන්නේ ඒකට තිබෙන ඉල්ලුම සැපයුම අනුවයි කියනවනේ. මේවාට තිබෙන ඉල්ලුම අඩු නිසා බලෙන් ඉල්ලුමක් ඇතිකරන්න හදනවා. (නි)

:       0       0

ගොඩගේ Thursday, 30 October 2014 03:02 AM

ඇත්ත ඇත්ත. අපි තවම ගල් යුගයෙනේ. මට අමතක වුණා (නි)

:       0       0

චමල් Wednesday, 29 October 2014 12:08 PM

අපේ අය මෙහෙම කරොත් එ්ක බලන්නවත් බැරි තරම් පිළිකුල් සහගතයි. (නදී)

:       0       0

ගොඩගේ Wednesday, 29 October 2014 02:59 AM

ලංකාවේ ඉන්න කාන්තාවන්ගෙන් වැඩකුත් නැහැ. කාන්තා සමිති වලින් වැඩකුත් නැහැ. අන්න කාන්තාවෝ , අන්න කාන්තා සමිති! (නි)

:       0       0

අජිත් Friday, 31 October 2014 04:50 PM

මේ කාන්තාවන් තව වැඩි කල් යාමට පෙර තවත් දියුණු තත්ත්වයට පත්වෙන බව ස්ථිරයි (නි)

:       0       0

විරාජ් Friday, 31 October 2014 05:24 AM

මේ අය ඉල්ලන්නේ මොකක්ද දැන්? (නි)

:       0       0

සෙනරත් Wednesday, 29 October 2014 01:26 PM

තව අවුරුදු දහයක් විතර යනකොට මෙවැනි සංවිධාන වල යට කෑලිත් ගැලවිලා තියේවි. එදාට ඔය බටහිරට ආවඩමින් සිටින අපේ ඇතැම් අයට ගොඩාක්ම සන්තෝෂ වෙන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

කමල් Thursday, 30 October 2014 04:17 AM

ඕවා දැක්ක කියලා මක් වෙනවාද? ඉස්සර කාලේ අපේ රටේ අයත් එලියේ දමාගෙන තමා හිටියේ. (නදී)

:       0       0

රොහාන් Monday, 03 November 2014 12:10 AM

අනේ! අපේ අය මෙහෙම කවදාවත් කරන්නේ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 29 October 2014 04:54 AM

අම්මෝ! අපේ රටේ ඔය වගේ උද්ඝෝෂණයක් කළා නම් එහෙම...? (නි)

:       0       0

සුගත් Thursday, 30 October 2014 04:46 AM

නියමයිනේ! ඔන්න නියම කාන්තා සමිති. (නි)

:       0       0

චතුර Friday, 31 October 2014 07:01 PM

කියලා වැඩක් නැහැ. මෙහෙමත් ගැහැණු ඉන්නවා කියලා අද තමයි දන්නේ. අපේ අයටත් කිව්වා නම් හරි මේ වගේ සංවිධානයක් ඉක්මනට පටන්ගන්න කියල‍ා. (නි)

:       0       0

මුසාඩ් Wednesday, 29 October 2014 05:13 AM

නියමයිනේ! (නි)

:       0       0

ඉන්ඳු Wednesday, 29 October 2014 05:44 AM

සිංහල අපිට මෙහෙම බෑ. කොවිවර උනත් අපිට ලැජ්ජයි. අපි බුද්ධිමත් අපිට අපේකම හොඳින් දැනෙන්නෙ පිටරට ඉන්න කොට. (ර)

:       0       0

දිල්ෂාන් Sunday, 02 November 2014 09:51 AM

අපටත් දැන් අඩු ඔය ටික තමා (දිල්)

:       0       0

යොමාල් Thursday, 30 October 2014 05:25 AM

අපෝ බලන්නත් ලැජ්ජයි! (නි)

:       0       0

රෝහණ Thursday, 30 October 2014 06:06 AM

අනේ මේ ඉන්දු, විකාර නොකියා ඉන්න. ලංකාවේ අය පිටරට වලට ගියාම හැසිරෙන හැටි මම ඕනෑතරම් දැකලා තියෙනවා. ඒවා මේකේ ලියන්න බැහැ ලැජ්ජයි. (නි)

:       0       0

සමන් පැරිස් Wednesday, 29 October 2014 07:11 AM

ලංකාවේ ඉන්න අර මානව හිමිකම් සංවිධානවල ඉන්න නෝනලා නම් හම්බවෙන ඩොලර් ගාන වැඩි නම් ඔය වගේ විරෝධතා සංවිදානය කරයි. (නදී)

:       0       0

විමල් Wednesday, 29 October 2014 07:15 AM

අපේ සමහර මැති ඇමති වරුත් අනුග්‍රහය දක්වයි ලංකාවේ අය කලොත්. (නදී)

:       0       0

සෙලනිකස් Saturday, 01 November 2014 01:00 AM

දැන් පෙරදිග රටවල ලිංගිකත්වයට සම්බන්ධ කරුණු මහා ලොකු රහස් වගේ. නමුත් මිනීමරන හැටි, අපරාධ කරන හැටි, එල්ලිලා මරුන අවස්ථා පොඩි දරුවන්ටත් පෙනෙන්න රූපවාහිනී නාලිකා වලින් පෙන්නනවා. අපි ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෑ ඒ වගේ දේවල් ප්‍රසිද්ධියේ කිරීම ගැන (නි)

:       0       0

ධම්ම Wednesday, 29 October 2014 06:12 PM

ලංකාවේත් සමහර කළහකාරී ගැහැණු ඉන්නවා ආවේගවත් වූ විට උඩු කයට වඩා දේවල් පෙන්නා විරෝධය පාන. හැබැයි මේ විදිහේ සංවිධාන ගැන නම් අහලා නැහැ. (නදී)

:       0       0

විල්බෙට් Wednesday, 29 October 2014 07:44 AM

යුක්රේනේ වැඩි හරියක් ඉන්නේ ගණිකාවෝ රුසියාවත් එහෙම තමයි. (නදී)

:       0       0

කසුන් Tuesday, 28 October 2014 05:16 PM

ෂා, මරුනේ! අපේ අයටත් ඔහොම විරෝධතා කරන්න කියන්න ඕනෑ. (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 01 November 2014 10:54 AM

මේ ක්‍රමය ලංකාවටත් පුරුදු කළ යුතුයි.(හේ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 29 October 2014 08:12 AM

මොනවා වුනත් ලංකාවේ කාන්තාවන් ගැන ආඩම්බර වෙන්න ඕනේ. ඉන්දු කියනවා වගේ කවදාවත් මෙවැනි දේවල් කරන්න යන්නේ නැහැ. කාන්තාවක් තමන්ගේ අඟ පසඟ පෙන්වල ඉල්ලීම් දිනා ගන්නවාට වඩා හොඳයි ජීවිතය පූජා කරලා ඉල්ලීම් දිනා ගන්න එක. මෙවැනි දේවල් බලාපොරොත්තු වන අයගේ සිහින කවදාවත් සැබෑ වෙන්නේ නැහැ. (ර )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 412 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site