පැරීසියේ සුප්‍රසිද්ධ ග්‍රාවින් මැටි රූප කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබූ රුසියා ජනාධිපති වැලැඩිමීර් පුටින්ගේ පිළිරුවට පා පහරක් එල්ල කැර බිම දමා වැරදිකාරිය වූ පැරීසියේ අඩ නිරුවත් කාන්තා හඬ සංවිධානයේ සමාජිකාව වන ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලබන 26 හැවිරිදි යුක්රේන් ජාතික යනා ජඩනෝවාට පැරීසියේ ඉහළ උසාවිය දඩයක් නියම කළේය.
තීන්දුවට විරුද්ධව එම සංවිධානයේ සමාඡිකාවෝ පැරීසියේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපස තම විරෝධතාව දැක්වූහ.
උඩුකය නිරුවත් කැර ගත් තිස් දෙනෙක් පමණ ඊට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් ජීවිතේට මෙහෙම ලජ්ජා නැති දේවල් කරන්නේ නැහැ. (ර)
ලංකාවේ ගැහැණු ඇදුම් නැතුව තියා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇදුම් ඇඳගෙන වත් උද්ගෝෂණය කරන්නේ නැහැ. (නදී)
මෙවැනි විලිලැජ්ජා නැති වැඩ කරන අයත් , ඒවාට ආසයි කියන අයත් මානසික රෝගීන්ද කියා සිතේ. (නි)
ලංකාවේ නැද්ද මේ වගේ කාන්තා හඬ සංවිධාන? හිටියොත් අපේ කොල්ලෝ සම්පුර්ණ සහයෝගය දෙයි. පොලිසියේ අය පැරිස් පොලිසියේ අය වගේ උස්සාගෙන යන්නේ නැහැ. ඔහේ උද්ඝෝෂණ කරන්න දීලා බලාගෙන සිටීවි. නැද්ද මම අහන්නේ? (නි)
අනේ මටත් ආසයි ප්‍රංශයේ පොලිසියේ රාලහාමි කෙනෙක් වෙන්න. (නදී)
ගයනි, නිකම් බොරු නොකියා ඉන්න. මම හොඳට දන්නවා ඔයා ගැන (නදී)
මම නම් ඇත්තටම මේ විරෝදතාවයට කැමතියි. එය තමා කාන්තා අයිතිය. අපි ඕවට කලබල වෙන්ඩ හොඳ නැහැ. විරෝදතාවයට ජයවේවා. (නදී)
ෆස්රුල් ගෆූර් හැරෙන්නේ පොල් පැලේ කන්න වගෙයි (නි)
ඇයි නැත්තේ. ගර්භනී මව්වරු රොත්තක් දවසක් දේශපාලන පෙලපාලියක ගියා කව්රු කළත් මෙහෙම තමයි කියන සටන් පාඨය උස්සාගෙන.
යමක අගය වැඩිවෙන්නේ හෝ අඩුවෙන්නේ ඒකට තිබෙන ඉල්ලුම සැපයුම අනුවයි කියනවනේ. මේවාට තිබෙන ඉල්ලුම අඩු නිසා බලෙන් ඉල්ලුමක් ඇතිකරන්න හදනවා. (නි)
ඇත්ත ඇත්ත. අපි තවම ගල් යුගයෙනේ. මට අමතක වුණා (නි)
අපේ අය මෙහෙම කරොත් එ්ක බලන්නවත් බැරි තරම් පිළිකුල් සහගතයි. (නදී)
ලංකාවේ ඉන්න කාන්තාවන්ගෙන් වැඩකුත් නැහැ. කාන්තා සමිති වලින් වැඩකුත් නැහැ. අන්න කාන්තාවෝ , අන්න කාන්තා සමිති! (නි)
මේ කාන්තාවන් තව වැඩි කල් යාමට පෙර තවත් දියුණු තත්ත්වයට පත්වෙන බව ස්ථිරයි (නි)
මේ අය ඉල්ලන්නේ මොකක්ද දැන්? (නි)
තව අවුරුදු දහයක් විතර යනකොට මෙවැනි සංවිධාන වල යට කෑලිත් ගැලවිලා තියේවි. එදාට ඔය බටහිරට ආවඩමින් සිටින අපේ ඇතැම් අයට ගොඩාක්ම සන්තෝෂ වෙන්න පුළුවන් වේවි. (නදී)
ඕවා දැක්ක කියලා මක් වෙනවාද? ඉස්සර කාලේ අපේ රටේ අයත් එලියේ දමාගෙන තමා හිටියේ. (නදී)
අනේ! අපේ අය මෙහෙම කවදාවත් කරන්නේ නැහැ. (නි)
අම්මෝ! අපේ රටේ ඔය වගේ උද්ඝෝෂණයක් කළා නම් එහෙම...? (නි)
නියමයිනේ! ඔන්න නියම කාන්තා සමිති. (නි)
කියලා වැඩක් නැහැ. මෙහෙමත් ගැහැණු ඉන්නවා කියලා අද තමයි දන්නේ. අපේ අයටත් කිව්වා නම් හරි මේ වගේ සංවිධානයක් ඉක්මනට පටන්ගන්න කියලා. (නි)
නියමයිනේ! (නි)
සිංහල අපිට මෙහෙම බෑ. කොවිවර උනත් අපිට ලැජ්ජයි. අපි බුද්ධිමත් අපිට අපේකම හොඳින් දැනෙන්නෙ පිටරට ඉන්න කොට. (ර)
අපටත් දැන් අඩු ඔය ටික තමා (දිල්)
අපෝ බලන්නත් ලැජ්ජයි! (නි)
අනේ මේ ඉන්දු, විකාර නොකියා ඉන්න. ලංකාවේ අය පිටරට වලට ගියාම හැසිරෙන හැටි මම ඕනෑතරම් දැකලා තියෙනවා. ඒවා මේකේ ලියන්න බැහැ ලැජ්ජයි. (නි)
ලංකාවේ ඉන්න අර මානව හිමිකම් සංවිධානවල ඉන්න නෝනලා නම් හම්බවෙන ඩොලර් ගාන වැඩි නම් ඔය වගේ විරෝධතා සංවිදානය කරයි. (නදී)
අපේ සමහර මැති ඇමති වරුත් අනුග්‍රහය දක්වයි ලංකාවේ අය කලොත්. (නදී)
දැන් පෙරදිග රටවල ලිංගිකත්වයට සම්බන්ධ කරුණු මහා ලොකු රහස් වගේ. නමුත් මිනීමරන හැටි, අපරාධ කරන හැටි, එල්ලිලා මරුන අවස්ථා පොඩි දරුවන්ටත් පෙනෙන්න රූපවාහිනී නාලිකා වලින් පෙන්නනවා. අපි ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෑ ඒ වගේ දේවල් ප්‍රසිද්ධියේ කිරීම ගැන (නි)
ලංකාවේත් සමහර කළහකාරී ගැහැණු ඉන්නවා ආවේගවත් වූ විට උඩු කයට වඩා දේවල් පෙන්නා විරෝධය පාන. හැබැයි මේ විදිහේ සංවිධාන ගැන නම් අහලා නැහැ. (නදී)
යුක්රේනේ වැඩි හරියක් ඉන්නේ ගණිකාවෝ රුසියාවත් එහෙම තමයි. (නදී)
ෂා, මරුනේ! අපේ අයටත් ඔහොම විරෝධතා කරන්න කියන්න ඕනෑ. (නි)
මේ ක්‍රමය ලංකාවටත් පුරුදු කළ යුතුයි.(හේ)
මොනවා වුනත් ලංකාවේ කාන්තාවන් ගැන ආඩම්බර වෙන්න ඕනේ. ඉන්දු කියනවා වගේ කවදාවත් මෙවැනි දේවල් කරන්න යන්නේ නැහැ. කාන්තාවක් තමන්ගේ අඟ පසඟ පෙන්වල ඉල්ලීම් දිනා ගන්නවාට වඩා හොඳයි ජීවිතය පූජා කරලා ඉල්ලීම් දිනා ගන්න එක. මෙවැනි දේවල් බලාපොරොත්තු වන අයගේ සිහින කවදාවත් සැබෑ වෙන්නේ නැහැ. (ර )