IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දඩයමට - ගොවිතැනට ඉඩම් අල්ලන්න මාලි රාජ්‍යයේ මරා ගනිති


ඩොගෝන් වාර්ගික ප්‍රජාව ජීවත්වන ගම්මානවලට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මාලි රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා එන්න එන්ම වැඩිවන බවක් පෙනෙන්නට තිබේ.  

ෆුලනි ප්‍රජාවට නිවහන වී තිබෙන ඔගස්සෝගූ ගම්මානයට සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයකින් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඩොගෝන් ප්‍රජාව වෙසෙන ගම්මානයට ප්‍රහාර එල්ල වූයේ ඉන් අනතුරුවය. 

ඩොගෝන් වාර්ගික ප්‍රජාව යනු දඩයම සහ ගොවිතැන වෘත්තීය කරගත් වාර්ගික ප්‍රජාවකි. ඉඩම් සම්බන්ධයෙන් එම ප්‍රජාවත් ෆුලනි ජන කොටසත් අතර ගැටුම් පවතී. 

“මේ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නැවැත්විය යුතු” යැයි මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ දූත පිරිස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව මෙම ජනකොටස් දෙකට අයත් සන්නද්ධ කණ්ඩායම් අතර පැවැති ගැටුම් හේතුවෙන් පසුගිය වසරේදී පමණක් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 500කි. 

මේ අතර කලාපයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කණ්ඩායමක් යවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ජීනිවා නුවරදී ප්‍රකාශ කළාය. 


(ඒ.එෆ්.පී. ඇසුරිනි)

055



අදහස් (0)

දඩයමට - ගොවිතැනට ඉඩම් අල්ලන්න මාලි රාජ්‍යයේ මරා ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site