
ඉන්දියාවට හමා ගිය ‘දිට්වා’ චණ්ඩ මාරුතය හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවරට මහ වැසි ඇද හැලෙමින් පවතී. චෙන්නායි නුවර පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බැවින්, ගමනාගමන කටයුතු ද අඩපණ වී ඇත. චෙන්නායි බලධාරීන් පැවැසුවේ, ගුවන් ගමන් 18 ක් අවලංගු කළ බවය.
මේ වනවිට චෙන්නායි නුවර පාසල් හා විශ්වවිද්‍යාල වසා දමා ඇති බව ද වාර්තා වේ. චෙන්නායි කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ මිලිමීටර් 300 කට ආසන්න වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවය. චෙන්නායි දුම්රිය ගමන් බිමන් ද අඩපණ වී ඇත. පහත් බිම්වල පිරිස් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බව ද වාර්තා වේ.
සුළි කුණාටුව චෙන්නායි නුවර සිට කිලෝමීටර් 40ක් නැගෙනහිරින්, පුදුචේරි සිට කිලෝමීටර් 120ක් ඊසාන දෙසින්, කුඩ්ඩලෝර් සිට කිලෝමීටර් 140ක් ඊසාන දෙසින් සහ ආන්ද්‍රා ප්‍රදේශයේ නෙල්ලෝර් සිට කිලෝමීටර් 190ක් දකුණින් ගමන් කරමින් තිබුණි. කුණාටුවේ ප්‍රබලත්වය කෙමෙන් වියැකී යමින් ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ.
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1280
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘දිට්වා’ ඉන්දියාවේ වැඩ පෙන්වයි