කළු වලස් පැටවකු සවස් කාලයේ කෙටි නින්දක් සොයමින් ඇවිදින මේ අපූරු ඡායාරූප පෙළ ඔන්ටාරියෝවල ජෝර්ජියන් බේ හිදී ඡායාරූපයට නගා ඇත.
මාස පහක් වයසැති මේ වලස් පැටවා මාපල් ගස මතට නැගී නොඉවසිලිමත්ව එහා මෙයා යන අයුරු ඡායාරූපයට නගන ලද්දේ කැනඩාවේ වනජීවී ඡායාරූප ශිල්පිනී මාගන් ලොරෙන්ස් විසිනි.
දැඩි උණුසුමක් පවතින මෙදින මවත් අනෙක් සඟයනුත් ඉක්මණින් නින්දට වැටුණත් මේ පැටියාගේ වෙනසක් දක්නට ලැබුණු බව ඇය පවසයි.
කළු වලස් පැටවකු වසර දෙකක් පමණ යනතුරු සිය මව සමග ගැවසෙයි. එම කාලයේ දී ඔවුන් ජීවත් වීමේ තීරණාත්මක උපක්‍රම, ආහාර සොයන ක්‍රම, දඩයම් කරන ක්‍රම හා තමා ආරක්ෂාවන ක්‍රම පවා ඉගෙන ගනී.
මාගන් ලොරෙන්ස් පවසන්නේ වලස් පවුලක් ඡායාරූපයට නැගීම ජීවිත අවදානමට ලක්විය හැකි අවස්ථාවක් බවයි.
‘‘අප සිතා සිටිනවාට වඩා ඔවුන් ඉතා ක්‍රියාශීලීයි. මා සිටියේ ඔවුන්ට අඩි 20ක් පමණ ඈතින්. මෙවැනි ඡායාරූප ගැනීමේ දී ඔවුන් ගසින් බහින වේලාව ගැන අවධානයෙන් සිටීමත් ඉතා වැදගත්. කිසි විටකත් මව සහ පැටවුන් අතරට මැදි වීම නොකළ යුත්තක්. එවැනි අවස්ථාවක් වුවහොත් වලස් මව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට අවස්ථාව වැඩියි. “
ලෝරන්ස් පවසන්නේ මේ ඡායාරූප ගැනීමට ඇයට පැය දෙකක් පමණ ගත වූ බවයි
2025 නොවැම්බර් මස 04
352
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඟකාර වලස් පැංචාගේ කෙටි නින්ද
සාගර Friday, 01 August 2014 09:24 AM
මාර ලස්සන ෆොටෝස් ටික. (නදී)
රූපවතී Thursday, 31 July 2014 06:51 PM
අනේ අනේ ..ෆොටෝටික ගන්න ගෑනු ළමය දිහා නේද ..? හොරෙන් බැලුවේ ගහ උඩට නැගල, හොරා (නදී)
ඩී.උපුල් Friday, 01 August 2014 05:49 AM
එක විදිහකට නිදන්න බැරි එකෙක් වගෙයි (නි)