
ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට උත්සාහ ගන්නා තමන්ට, දිගට හරහට මරණීය තර්ජන එල්ල වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. දෙවැනිවර විශිෂ්ට ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූ ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, පළමු කැබිනට් හමුවට සහභාගීවෙමිනි.
තමන්ගේ තීන්දු තීරණ සහ විධායක නියෝග හේතුවෙන් තමන් බොහෝ දෙනකුගේ උදහසට ලක් වී සිටින බවත්, තමන්ට මරණීය තර්ජන එල්ල වන්නේ එවැනි පාර්ශ්වයන්ගෙන් බවත් ට්‍රම්ප්, සිය දෙවැනි ධුර කාලයේ පළමු කැබිනට් මණ්ඩල හමුවේදී පෙන්වා දුන්නේය.
ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරි මාසයේය. මරණීය තර්ජන එල්ල වුවත් සමස්ත ඇමෙරිකානුවන් තමන් ආරම්භ කළ ‘ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල් තැන දී ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ තීන්දු තීරණවලට කැමැත්ත පළ කර ඇතැයි ද ට්‍රම්ප් අවධාරණය කළේය.
කැබිනට් මණ්ඩල හමුවේදී, සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අමතමින්, ට්‍රම්ප් දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය දැක්ම සහ ස්ථාවරය පැහැදිලි කළේය. ට්‍රම්ප් විසින් පනවනු ලැබ ඇති තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අතරේ වැඩි වැඩියෙන් සාකච්ඡා විය.
කැබිනට් මණ්ඩල හමුවට ලොව අංක එකේ, බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ද සහභාගී විය. මස්ක්, ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකවරයාය. ඇමෙරිකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරිමේ නව ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මස්ක්ය. සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයන් අසුන් ගෙන ට්‍රම්ප් වටා සිටිද්දී, මස්ක් මුල්ලකට වී සිටි අතර, ට්‍රම්ප් මස්ක්ට අවස්ථාව දුන් විට ඔහු සියලු දෙනා අමතමින්, රජයේ නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානුවන් කියන්නේ කවුද? ලස්සන කුරුළු තටුවලින් හදපු හිස්වැසුම් පැළඳගෙන දුනු, ඊතල සහ පොරවක් අතින් රැගෙන යන්නේ රතු ඉන්දියානුවන්ටයි. ලොකුවට කතා කරන්නේ ඇමෙරිකානුවෝ... නොයෙකුත් රටවල් වලින් ඇරපු අය...
වර්ණ භේදය මුල්ව කරගෙන කලු ජාතිකයන් වින කරන තාඩන පීඩන සීඝ්‍රෙයන් ඉහළ යනවා. අවුරුද්දකට රටක්. අවුරුද්දකට 40000ක් පමණ වෙඩි තියලා මරනවා. බපලෝ නගරයේ අපේ අය 10 ක් වෙඩි තියලා මැරුවා එම විත්තිකරුට මරණීය දණ්ඩනය දුන්නේ නැත්තේ සුදු ජාතිකයෙක් නිසානේ...
ඇමෙරිකාවේ ඉන්න මම මේවැනි කතාවක් ඇහුවාමයි... ඇමෙරිකාවේ නාලිකා වලින් මරණ කතාවක් ගැන තවම කියලා නෑ. මේ රටේ සියළුම නාලිකා අතර ප්‍රවෘත්තිවලට ලොකු තරගයක් පවතිනවා. ඔය කියන මරණ තර්ජන තිබෙනවා නම් අපට දැනගන්න ලැබෙනවා. ඕක බොරු කතාවක්...
නිහාල් ඔයා ඇමරිකාවේද පදින්චිය. එහෙම නම් හිස්ටරි එක කියවලා බලන්න ඒ පොත්. නොමිලේ පුස්තකාලයෙන් බලාගන්න පුළුවන්. පොඩි දරුවාගේ ඉඳලා. මහතැනට යනකම් ලස්සනට තේරුම් ගන්න පහසු විදියට. ඒ පොත් තියෙන්නේ... ජෝජ් වොශින්ටන් පළමු ජනාධිපති... එයත් ආවේ වෙන රටකින්ද කියලා බලන්න. පොත් කියවන්න කම්මැලි නම් කව්බෝයි මූවී බලන්න. කොහොමද ෆයිට් කරන විදිය? ස්ටේට් පනහ බේරාගන්න මට නම් හරි දුකයි. මේ රටේ නායකයින් වගේ ජනතාව ගැන හිතන රටක් ලෝකෙ කොහේවත් නැහැ. නීතීය දරුණුම රට පාලනය කරන නායකයින්ට අපේ රටේ නීතිය කියන දේ රට කරනා නායකයින්ට ඔවුන්ගේ පරම්පරාවටම තියෙනවාද? සේරම ජනතාවට. සුද්දා කියලා හැමකෙනාම ඇමරිකන් නෙමේ සුදු හම තියෙන අය ලන්කාවෙත් ඉන්නේ... ඔරිජිනල් ඇමරිකන්ස්ලා ගැන දැනගන්න පුළුවන් පොත් කියෙව්වාම...!