IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දුගේ ආදරේ කාරයෙන් උඩුගුවනට

13 හැවිරිදි ස්ටෙෆනිගේ පියා ගගනගාමියෙකි.මේ දිනවල ඔහු සිටින්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේය.

පියා නිවසේ නැති සොව ස්ටෙෆනිට තදින් දැනිනි.. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ඔහු නිතර ඇමතුවද එය ඇයට මදි විය. පියාට තම ආදරය පෙන්වීමට ඊට වඩා දෙයක් කිරීමට ඇයට වුවමනා විය.

අවසානයේ ඇයට අදහසක් පහළ විය.

මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන හයුන්ඩායි සමාගම වෙත ලියූ ඇය තම අදහස ඔවුන් හා පැවසුවාය. ස්ටෙෆනිට සහය වීමට ඔවුහුද කැමති වුහ.

සැළසුම් කර ගත් දිනයකදී ස්ටෙෆනි ඇයගේ පවුලේ සාමාජිකයින් සමග ඇමරිකාවේ නෙවාඩාහි වියළී ගිය විලක් අසලට පැමිණියාය. හයුන්ඩායි සමාගම එවා තිබුණු මෝටර් රථ 7 ක් ඒ වන විටත් එහි විය.

සියලූ දෙනා සූදානම් වූ පසු ස්ටෙෆනි තම අදහස කි‍්‍රයාවට නැංවූවාය. මෝටර් රථ යොදාගෙන වියළී ගිය විල වැසී තිබුණු වැල්ලේ විසල් පණිවුඩයක් ලිවීම ඇයගේ සැළසුම විය.

මෝටර් රථ හත රටාවකට ධාවනය වෙමින් ඇයගේ පණිවුඩය වැල්ලේ සටහන් කළේය.

ස්ටෙෆනි ඔයාට ආදරෙයි යැයි යේ වැල්ලේ සටහන්ව තිබිණ.

පණිවුඩය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි ස්ටෙෆනිගේ පියාට දැකිය හැකි තරමට විශාල විය.ඔහු එය ඡායාරූපයට නැගීය.තම දුවණියට තමන්ද ආදරය කරන බව සදහන් කර එම ඡායාරූපය ඔහු ඇය වෙත එවීය.

ස්ටෙෆනිගේ පණිවුඩය ගිනස් වාර්තා පොතටත් එක්වී ඇත.ඒ මෝටර් රථ යොදාගෙන මෙතෙක් නිර්මාණය කර තිබෙන විශාලම සිතුවම ලෙසය.

278DE01D00000578-3038227-image-a-29_1429006953442 278DE03800000578-3038227-image-a-25_1429006943566 278DE08400000578-3038227-image-a-31_1429006984576



අදහස් (0)

දුගේ ආදරේ කාරයෙන් උඩුගුවනට

චාමර Saturday, 18 April 2015 09:48 AM

ආදරයේ බලගතුබව විදහාපාන හොඳ නිදසුනක්. විශ්මයජනක අලංකාර වැඩක්. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 21 April 2015 02:35 AM

ඔක්කොම හරි.. කෝවිදට වාහන 11ක් ...7ක් වගේ පෙන්නේ ඇයි..?(අ)

:       0       0

සොපී Saturday, 18 April 2015 09:50 AM

සිත සතුටින් පිනාගියා ....! (නි)

:       0       0

ඩයස් Tuesday, 21 April 2015 05:55 PM

අපේ ලංකාවේ ළමයෙකුට නම් තම මව්පිය සෙනෙහස පෙන්නන්න මේ සම්මතේකට පුළුවන් වෙන්නේ නැහැ ,අර ලොක්කෙකුගේ පුතෙක් අනුන්ගේ චන්ද්‍රිකාවක අපේ ස්ට්කර් එක ගහලා ඒක මාර්කට් කරන්න කෝටි ගණනක් වියදම් කළේ. (ස)

:       0       0

දනුක Tuesday, 21 April 2015 05:56 PM

සොපීට ...පිනා කොහෙද ගියේ ....??? (ස)

:       0       0

අප්පුහාමි Friday, 24 April 2015 02:59 AM

මෙන්න වැඩ. ලංකාවේ කොහෙද මේ වගේ අය ඉන්නේ? (නි)

:       0       0

වසන්ත Saturday, 18 April 2015 12:01 PM

ඔබ දෙපළගේ ආදරයට සුබ පැතුම්! (නි)

:       0       0

පුබුදු Friday, 17 April 2015 08:49 AM

ආදරය කියන දේ එක වචනයෙන් විස්තර කරන්න අමාරු දෙයක්. ඒත් අරගෙන තිබෙන උත්සාහය ප්‍රශංසනීයයි. (නි)

:       0       0

මිහින් Friday, 17 April 2015 09:05 AM

ආදර දසුනක්! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 21 April 2015 09:06 PM

ඕකෙන් මේකෙන් වෙන්නේ වැසිකිලි නැතිව මුහුදු වැල්ලේ එලි බහින අපේ අයවත් ඔය චන්ද්‍රිකාවට මාට්ටු වෙන එක තමයි චන්ද්‍ර (ස)

:       0       0

කින් බෙනට් Saturday, 18 April 2015 04:27 PM

ඒ දරුවා වයස 13 දී මෙහෙම කල නම් 25 දී මොනවා කරයිද ? (ස)

:       0       0

කිරින්ද Monday, 20 April 2015 05:11 AM

මේ චතුරි ඔයාට මහින්ද එක්ක මොන තරහක්ද තියෙන්නේ හැම එකටම ඈද ගන්නේ? ඉන්න රටකට වෙලා ඉන්නවාද පාඩුවේ...(ම)

:       0       0

චතුරි යූ.එස්.ඒ Saturday, 18 April 2015 05:40 PM

ආනන්ද. ඔබට මෙය. විශ්වාස. කරන්න අමාරුයි නේද. ඔයාට. මහින්ද කරපු. දේ විශ්වාස. කරන්න පුලුවන්ද. අසරණ මිනිසුන්ව ගොනාට අන්දමින් රටේ තිබුණ සියලුම සේසත පවුලේ අයයි ගෝලයෝ ටිකයි. හුරගෙන කෑවා ඒවා අපිට හැබැහින්. දකින්න අහන්න. තියෙන දේවල් ඒ අතින් බලනකොට. මේකත් ලෝක වාර්තාවක් (ස)

:       0       0

සෑම් Friday, 17 April 2015 10:35 AM

ජි පී එස් ආධාරයෙන් මෙවැනි දේවල් කිරීම සඳහා අවශ්‍ය ස්ථාන (කෝඩිනේට්ස්) ලබා ගත හැකියි. වසර කිහිපයකට පෙර දකුණු ඕස්ට්‍රේලියාවේ "මාරී" ප්‍රදේශයේ භුමිය බුල්ඩෝසරයක් මහින් හාරා හෙල්ලයක් විදීමට සැරසෙන ආදීවාසී මිනිසෙකුගේ රුපයක් (කිලෝ මීටර් හතරක් දිග/ එකහමාරක් පළල) සලකුණු කර එය චන්ද්‍රිකා මගින් ගත් පින්තුරයකින් ලෝකයට ප්‍රසිද්ධ කළා.(බ)

:       0       0

සමන් Friday, 17 April 2015 10:53 AM

ඉතා අගෙයි (ම)

:       0       0

ගොඩය Wednesday, 22 April 2015 03:22 AM

මෙන්න සමහර සමාගම් තම මානව දයාව රැක ගන්න තරම . ලංකාවේ සමහර සමාගම් සේවකයකුට තමන්ගේ ළමයෙකුට බෙහෙත් ගන්න රෝහලකට යන්න අවසර ඉල්ලපුවම දවසේ පඩියෙන් කොටසක් අඩුකරගෙන අවසර දෙනවා .(ස)

:       0       0

නෆීස් Friday, 17 April 2015 12:04 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

සෙලිනා Wednesday, 22 April 2015 12:05 PM

චන්ද්‍රා වීරසිංහ, ඔයාගේ අදහසට හිනා ගියා. ඔයාට මතක්වුණ දෙයක්නේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 April 2015 01:36 PM

පිය සෙනෙහස දරුවෙකුට මොනතරම් තදින් දැනෙනවද ? අවාසනාවට සමහර පියවරු තමන්ගේම දරුවා කෙළසනවා නේද? එවන් අමනුස්සයන්ට මේ තාත්තාගේ සහ දුවගේ ආදරය ආදර්ශයක් වේවා! (නි)

:       0       0

දුමින්ද Friday, 17 April 2015 06:53 AM

වෙනස්ම ආදර හසුනක් (නි)

:       0       0

සරත් Monday, 20 April 2015 10:03 AM

හොඳම දේ තමයි වාහන හදන ආයතනය මෙයට කැමති වීම ලංකාවේ නම් පිස්සෙක් කියල එලවයි. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියුව්වා වගේ හැදෙන කොරියාව හැම පැත්තෙන්ම පෙනෙනවා (ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 17 April 2015 02:50 PM

අනේ මන්දා මේවා කොහොම විශ්වාස කරන්නද කියලා. (නි)

:       0       0

සහන් Sunday, 19 April 2015 12:51 PM

චතුරි ඔබ 100% ක් හරි (බ)

:       0       0

තමර Tuesday, 21 April 2015 01:38 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

කුමාර් මල්වත්ත Wednesday, 22 April 2015 06:48 AM

ඩයස් එයත් අපේ ලංකාවේ ළමයෙක් තමයි (බ)

:       0       0

ශෂී Sunday, 19 April 2015 01:17 PM

ස්ටෙප් ඔයාට මගෙන් සුබ පැතුම් නංගා (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 23 April 2015 05:10 AM

සෙලිනා.. මම ඉන්නේ නවසීලන්තේ...මෙහෙ එහෙම මූදු වැල්ලේ එලි බැස්සොත් හය මාසයක්වත් හිරගෙදර තමයි!! (ම)

:       0       0

දසුන් Monday, 20 April 2015 03:32 AM

වැල්ලේ කාර් එකෙන් ලිව්වත් ඇඟිල්ලෙන් ලිව්වත් සෙනෙහස සෙනෙහසමයි. (බ)

:       0       0

සුරංග Monday, 20 April 2015 11:55 AM

චතුරි යූ.එස්.ඒ, ඔයගොල්ලෝ පිට‍රට වලට වෙලා ඉඳගෙන ලොකු කතා දෙනවා. මොකක්ද මේ ලිපියෙයි මහින්ද මහත්මයාගෙයි තියෙන සම්බන්ධය? ඔයා කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරගන්න ජාතියේ කෙනෙක් වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 453 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2208 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site