13 හැවිරිදි ස්ටෙෆනිගේ පියා ගගනගාමියෙකි.මේ දිනවල ඔහු සිටින්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේය.
පියා නිවසේ නැති සොව ස්ටෙෆනිට තදින් දැනිනි.. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ඔහු නිතර ඇමතුවද එය ඇයට මදි විය. පියාට තම ආදරය පෙන්වීමට ඊට වඩා දෙයක් කිරීමට ඇයට වුවමනා විය.
අවසානයේ ඇයට අදහසක් පහළ විය.
මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන හයුන්ඩායි සමාගම වෙත ලියූ ඇය තම අදහස ඔවුන් හා පැවසුවාය. ස්ටෙෆනිට සහය වීමට ඔවුහුද කැමති වුහ.
සැළසුම් කර ගත් දිනයකදී ස්ටෙෆනි ඇයගේ පවුලේ සාමාජිකයින් සමග ඇමරිකාවේ නෙවාඩාහි වියළී ගිය විලක් අසලට පැමිණියාය. හයුන්ඩායි සමාගම එවා තිබුණු මෝටර් රථ 7 ක් ඒ වන විටත් එහි විය.
සියලූ දෙනා සූදානම් වූ පසු ස්ටෙෆනි තම අදහස කි‍්‍රයාවට නැංවූවාය. මෝටර් රථ යොදාගෙන වියළී ගිය විල වැසී තිබුණු වැල්ලේ විසල් පණිවුඩයක් ලිවීම ඇයගේ සැළසුම විය.
මෝටර් රථ හත රටාවකට ධාවනය වෙමින් ඇයගේ පණිවුඩය වැල්ලේ සටහන් කළේය.
ස්ටෙෆනි ඔයාට ආදරෙයි යැයි යේ වැල්ලේ සටහන්ව තිබිණ.
පණිවුඩය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි ස්ටෙෆනිගේ පියාට දැකිය හැකි තරමට විශාල විය.ඔහු එය ඡායාරූපයට නැගීය.තම දුවණියට තමන්ද ආදරය කරන බව සදහන් කර එම ඡායාරූපය ඔහු ඇය වෙත එවීය.
ස්ටෙෆනිගේ පණිවුඩය ගිනස් වාර්තා පොතටත් එක්වී ඇත.ඒ මෝටර් රථ යොදාගෙන මෙතෙක් නිර්මාණය කර තිබෙන විශාලම සිතුවම ලෙසය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරයේ බලගතුබව විදහාපාන හොඳ නිදසුනක්. විශ්මයජනක අලංකාර වැඩක්. (නි)
ඔක්කොම හරි.. කෝවිදට වාහන 11ක් ...7ක් වගේ පෙන්නේ ඇයි..?(අ)
සිත සතුටින් පිනාගියා ....! (නි)
අපේ ලංකාවේ ළමයෙකුට නම් තම මව්පිය සෙනෙහස පෙන්නන්න මේ සම්මතේකට පුළුවන් වෙන්නේ නැහැ ,අර ලොක්කෙකුගේ පුතෙක් අනුන්ගේ චන්ද්‍රිකාවක අපේ ස්ට්කර් එක ගහලා ඒක මාර්කට් කරන්න කෝටි ගණනක් වියදම් කළේ. (ස)
සොපීට ...පිනා කොහෙද ගියේ ....??? (ස)
මෙන්න වැඩ. ලංකාවේ කොහෙද මේ වගේ අය ඉන්නේ? (නි)
ඔබ දෙපළගේ ආදරයට සුබ පැතුම්! (නි)
ආදරය කියන දේ එක වචනයෙන් විස්තර කරන්න අමාරු දෙයක්. ඒත් අරගෙන තිබෙන උත්සාහය ප්‍රශංසනීයයි. (නි)
ආදර දසුනක්! (නි)
ඕකෙන් මේකෙන් වෙන්නේ වැසිකිලි නැතිව මුහුදු වැල්ලේ එලි බහින අපේ අයවත් ඔය චන්ද්‍රිකාවට මාට්ටු වෙන එක තමයි චන්ද්‍ර (ස)
ඒ දරුවා වයස 13 දී මෙහෙම කල නම් 25 දී මොනවා කරයිද ? (ස)
මේ චතුරි ඔයාට මහින්ද එක්ක මොන තරහක්ද තියෙන්නේ හැම එකටම ඈද ගන්නේ? ඉන්න රටකට වෙලා ඉන්නවාද පාඩුවේ...(ම)
ආනන්ද. ඔබට මෙය. විශ්වාස. කරන්න අමාරුයි නේද. ඔයාට. මහින්ද කරපු. දේ විශ්වාස. කරන්න පුලුවන්ද. අසරණ මිනිසුන්ව ගොනාට අන්දමින් රටේ තිබුණ සියලුම සේසත පවුලේ අයයි ගෝලයෝ ටිකයි. හුරගෙන කෑවා ඒවා අපිට හැබැහින්. දකින්න අහන්න. තියෙන දේවල් ඒ අතින් බලනකොට. මේකත් ලෝක වාර්තාවක් (ස)
ජි පී එස් ආධාරයෙන් මෙවැනි දේවල් කිරීම සඳහා අවශ්‍ය ස්ථාන (කෝඩිනේට්ස්) ලබා ගත හැකියි. වසර කිහිපයකට පෙර දකුණු ඕස්ට්‍රේලියාවේ "මාරී" ප්‍රදේශයේ භුමිය බුල්ඩෝසරයක් මහින් හාරා හෙල්ලයක් විදීමට සැරසෙන ආදීවාසී මිනිසෙකුගේ රුපයක් (කිලෝ මීටර් හතරක් දිග/ එකහමාරක් පළල) සලකුණු කර එය චන්ද්‍රිකා මගින් ගත් පින්තුරයකින් ලෝකයට ප්‍රසිද්ධ කළා.(බ)
ඉතා අගෙයි (ම)
මෙන්න සමහර සමාගම් තම මානව දයාව රැක ගන්න තරම . ලංකාවේ සමහර සමාගම් සේවකයකුට තමන්ගේ ළමයෙකුට බෙහෙත් ගන්න රෝහලකට යන්න අවසර ඉල්ලපුවම දවසේ පඩියෙන් කොටසක් අඩුකරගෙන අවසර දෙනවා .(ස)
හරිම ලස්සනයි (නි)
චන්ද්‍රා වීරසිංහ, ඔයාගේ අදහසට හිනා ගියා. ඔයාට මතක්වුණ දෙයක්නේ! (නි)
පිය සෙනෙහස දරුවෙකුට මොනතරම් තදින් දැනෙනවද ? අවාසනාවට සමහර පියවරු තමන්ගේම දරුවා කෙළසනවා නේද? එවන් අමනුස්සයන්ට මේ තාත්තාගේ සහ දුවගේ ආදරය ආදර්ශයක් වේවා! (නි)
වෙනස්ම ආදර හසුනක් (නි)
හොඳම දේ තමයි වාහන හදන ආයතනය මෙයට කැමති වීම ලංකාවේ නම් පිස්සෙක් කියල එලවයි. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියුව්වා වගේ හැදෙන කොරියාව හැම පැත්තෙන්ම පෙනෙනවා (ම)
අනේ මන්දා මේවා කොහොම විශ්වාස කරන්නද කියලා. (නි)
චතුරි ඔබ 100% ක් හරි (බ)
හරිම ලස්සනයි (නි)
ඩයස් එයත් අපේ ලංකාවේ ළමයෙක් තමයි (බ)
ස්ටෙප් ඔයාට මගෙන් සුබ පැතුම් නංගා (බ)
සෙලිනා.. මම ඉන්නේ නවසීලන්තේ...මෙහෙ එහෙම මූදු වැල්ලේ එලි බැස්සොත් හය මාසයක්වත් හිරගෙදර තමයි!! (ම)
වැල්ලේ කාර් එකෙන් ලිව්වත් ඇඟිල්ලෙන් ලිව්වත් සෙනෙහස සෙනෙහසමයි. (බ)
චතුරි යූ.එස්.ඒ, ඔයගොල්ලෝ පිටරට වලට වෙලා ඉඳගෙන ලොකු කතා දෙනවා. මොකක්ද මේ ලිපියෙයි මහින්ද මහත්මයාගෙයි තියෙන සම්බන්ධය? ඔයා කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරගන්න ජාතියේ කෙනෙක් වගේ. (නි)