දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිවාස සංකීර්ණයක ඇතිවූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 18දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. එහි සේවය කළ “දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානයේ“ කාර්යමණ්ඩලයේ දෙදෙනෙක්ද මියගිය අය අතර සිටින බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසා ඇත.

 “දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය“ තුවාල ලැබූ සිය ගනනක් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙයි.

නිවාස සංකීර්ණයේ ජනවාර්ගික කණ්ඩායම් දෙකක් අතර බදාදා සවස් වරුවේ සිට හටගත් ගැටුම් උත්සන්න වීම හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බව වාර්ථා වේ. පොළීසිය කඳුළු ගෑස් යොදා පිරිස විසිරුවාහැර ඇත.

දකුණු සුඩානයේ ප්‍රචන්ඩකාරී තත්වයන් හේතුවෙන් අවතැන් වී සිටින ලක්ෂ දෙකක පමන ජනතාව මෙම කඳවුරු වල සිටින බව වාර්ථා වේ.