දකුණු පැසිෆික් දූපත් ආසන්නයේ පිහිටි වනආටු හි රිච්ටර් මාපක අගය 7.3කින් යුතු ප්‍රබල භූකම්පනයක් වාර්තා වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එරට දකුණු දිග නගරයක් වන සැන්ටෝ හි සිට සැතපුම් 60 ක් දුර නිරිත දෙසින් භූකම්පනය හටගෙන ඇති බවත් එය සැතපුම් 6.2 ක් ගැඹූරු මුහුදේ ඇතිවී ඇති බවත් කියති. කම්පනයෙන් පසු මෙතෙක් සුනාමි අවදානමක් ඇතැයි දන්වා නැති බව පැසිෆික් සුනාමි අනතුරු සංඥා මධ්‍යස්ථානය කියයි.
වනආටු දකුණු පැසිෆික් මුහුදේ පිහිටා ඇති දූපත් 80කින් පමණ සමන්විත වූ කිලෝමීටර් 1300ක පමණ වපසරියකින් යුතු රටකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd