
‘නල්ගේ’ සුළි කුණාටුව, දකුණු දිග පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇගවීමත් සමග පිලිපීනයට අයත් මින්ඩානෝ දූපතේ ලක්ෂ 3 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.
පිලිපීන රජය නිකුත් කළ නිවේදනයකට අනුව, අද හැලෙන මහ වැසි, හදිසි ජල ගැලීම් සහ තද සුළං හේතුවෙන් සිදුවුණු අනතුරුවලින් 31 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවය.
හදිසි ජල ගැලීම්වලට හසුවීමෙන් නිවාස 100 කට වඩා විනාශ වී ඇති බවත් පළාත් රැසකට විදුලිය නොමැති බවත් පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd