චීනයේ දකුණු ප්‍රදේශය හරහා හමාගිය දරුණු සුළි සුළඟක් හේතුවෙන් 12දෙනක් මියගොස් සියගනනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. හැටෝ නමින් හඳුන්වා දී ඇති මෙම සුළි කුණාටුවෙන් ගුවැන්ඩොං පළාතේ සුහායි නගර ප්‍රදේශයට විශාල හානි ඇති කර තිබේ.
පැයට කිලෝමීටර් 175 පමණ වේගයෙන් සුළං හමාගිය බව හොංකොං කාළගුණ අධිකාරිය පවසයි.
මෙම පෙදෙසේ 27000ක පමණ පිරිසක් ඉවත් කර තිබෙන බව බලධාරීහු පවසති. නායයෑම් සහ ගංවතුර ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා ඇත. හානියට පත් ප්‍රදේශයේ දුම්රිය ස්ථාන, ගුවන් තොටුපල, පාසැල් සහ වෙළඳසැල් වසා දමා ඇති බව පැවසේ.



(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd