සිංගප්පූරුවේදීය (රොයිටර්)
දකුණු චීන මුහුද එක් රටකට පමණක් හිමි නැතැයි ද ජාත්‍යන්තර නීතිය ඉඩදෙන ඕනෑම අවස්ථාවකදී ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ යාත්‍රා ගමන් ගන්නා බවත් ඊට ඉහළින් පියාසර කරන බවත් එරට උප ජනාධිපති මයික් පෙන්ස් අද (16) පැවැසීය.
දකුණු චීන මුහුද තමන්ට පමණක් අයිති යැයි චීනය නිරන්තරයෙන් අවධාරණය කරන අතර කලාපයේ අනෙක් රටවල් ද ඊට හිමිකම් කියති. මේ තත්ත්වය මත ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රකාශය චීනය කෝප ගන්වනු ඇතැයි ද කියවේ.
ඇමෙරිකා එක්සත් ජනපදය චීනය කෝප ගන්වමින් අවස්ථා කිහිපයකදීම දකුණු චීන මුහුදේ “නිදහස් යාත්‍රා කිරීම්” අභ්‍යාසවල නිරත වූ අතර එම සෑම අවස්ථාවකදීම එම ක්‍රියාකාරකම් තම ස්වෛරීභාවයට තර්ජනයක් යැයි චීනය ප්‍රකාශ කළේය.
“දකුණු චීන මුහුද එක රටකට පමණක් අයිති නැහැ. ඒ සහතිකයි. ජාත්‍යන්තර නීතිය ඉඩදෙන ඕනෑම අවස්ථාවකදීම අපේ ජාතික ලැදියාවන් හා අභිලාෂවල ඉල්ලා සිටින ඕනෑම මොහොතකදී අපි දකුණු චීන මුහුදේ යාත්‍රා කරනවා. ඊට ඉහළින් පියාසර කරනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා කීවේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd