IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘දකුණු චීන මුහුද එක් රටකට හිමි නෑ’

සිංගප්පූරුවේදීය (රොයිටර්)
 
 
දකුණු චීන මුහුද එක් රටකට පමණක් හිමි නැතැයි ද ජාත්‍යන්තර නීතිය ඉඩදෙන ඕනෑම අවස්ථාවකදී ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු චීන මුහුදේ යාත්‍රා ගමන් ගන්නා බවත් ඊට ඉහළින් පියාසර කරන බවත් එරට උප ජනාධිපති මයික් පෙන්ස් අද (16) පැවැසීය. 
 
දකුණු චීන මුහුද තමන්ට පමණක් අයිති යැයි චීනය නිරන්තරයෙන් අවධාරණය කරන අතර කලාපයේ අනෙක් රටවල් ද ඊට හිමිකම් කියති. මේ තත්ත්වය මත ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප්‍රකාශය චීනය කෝප ගන්වනු ඇතැයි ද කියවේ.  
 
ඇමෙරිකා එක්සත් ජනපදය චීනය කෝප ගන්වමින් අවස්ථා කිහිපයකදීම දකුණු චීන මුහුදේ “නිදහස් යාත්‍රා කිරීම්” අභ්‍යාසවල නිරත වූ අතර එම සෑම අවස්ථාවකදීම එම ක්‍රියාකාරකම් තම ස්වෛරීභාවයට තර්ජනයක් යැයි චීනය ප්‍රකාශ කළේය. 
 
“දකුණු චීන මුහුද එක රටකට පමණක් අයිති නැහැ. ඒ සහතිකයි. ජාත්‍යන්තර නීතිය ඉඩදෙන ඕනෑම අවස්ථාවකදීම අපේ ජාතික ලැදියාවන් හා අභිලාෂවල ඉල්ලා සිටින ඕනෑම මොහොතකදී අපි දකුණු චීන මුහුදේ යාත්‍රා කරනවා. ඊට ඉහළින් පියාසර කරනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා කීවේය. 
 
 
055



අදහස් (0)

‘දකුණු චීන මුහුද එක් රටකට හිමි නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site