
ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ ක්‍රිස්තියානි දේවස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලැබූ ගණන 5 ක් යැයි පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම සිදුවූයේ, ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ බෆලෝ නුවර සුපිරි වෙළෙඳසැලේ වෙඩි තැබීම සිදුවී පැය 24 ක් ගත වෙද්දීය.
වෙඩි තැබීම සිදුවූයේ 'ජිනීවා ප්‍රෙස්බිටේරියන්' දේවස්ථානයේය. ඒ, සවස 1.30 ට පමණි. දේවස්ථානය පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් නුවර සිට කිලෝ මීටර් 80 ක් දුරින් පිහිටි ලගූනා වුඩ්ස් ප්‍රදේශයේය.
තුවාල ලැබූ පස් දෙනාගෙන් සිවු දෙනකුගේ තත්ත්වය බරපතල බව පැවැසෙයි. වෙඩි තැබීම කළ තැනැත්තා පොලිසිය විසින් අත්අංඩංගුවට ගනු ලැබුණි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගටම සිදුවෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd