දකුණු කොරියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබාගැනීමට නිදහස් මතධාරී ජනාධිපති අපේක්ෂක මූන් ජෝ ඉන් මහතා සමත් වී සිටී. හිටපු ජනාධිපතිනි පාක් ග්වෙන් හේ මහත්මියට දූෂණ චෝදනා එල්ලවීමත් එම නිසා දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමත් නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවිය.
කෙසේ නමුත් ඊයේ(10) රාත්‍රිය වනතුරුත් නිල ප්‍රතිඵල නිකුත් කර නොතිබිණි.මූන් ජෝ ඉන් මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇතැයි ද නිල නොවන වාර්තා සඳහන් කළේය.
“මම දකුණු කොරියානුවන් සියලු දෙනාගේම ජනාධිපති” යැයි සෝල් නුවර ග්වැන්ග්හවැමුන් චත්‍රරශ්‍රයට එක්ව තම ආධාරකරුවන් අමතමින් මූන් මහතා කීවේය. ජනාධිපතිධුරයට තේරී පත්වූ මූන් මහතා දකුණු කොරියාවේ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් කරමින් උතුරු කොරියාව සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි පැවසේ.
දකුණු කොරියාවේ රූපවාහිනි නාලිකා තුනක් ඒකාබද්ධව කරන සමීක්ෂණයකින් සමස්ත ඡන්දවලින් 41.2% කට හිමිකම් කීමට මූන් ජෝ ඉන් සමත්වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ මධ්‍යස්ථ මතධාරී හොන් ජූන් පියෝ ට හිමිව තිබුණේ සියයට 23.3 ක ප්‍රතිශතයක් පමණි.
ඒ අනුව මෙතෙක් කලක් බලයේ සිටි සම්ප්‍රදායවාදී පාලනය පෙරළා දමමින් ලිබරල් පාලන ක්‍රමයක් කරා දකුණු කොරියාව ගමන් කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දශකයක් පුරා පැවැති සම්ප්‍රදායවාදී පාලනයෙන් පසු මූන් මහතාගේ නව නායකත්වය යටතේ බිහිවන ආණ්ඩුව උතුරු කොරියාව සම්බන්ධයෙන් සාමකාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි ද පැවසේ.
මූන්ගේ පත්වීමෙන් පසු මාස කිහිපයක් මුළුල්ලේ පැවැති දේශපාලන අර්බුදකාරී තත්ත්වය දකුණු කොරියාවෙන් පහව යනු ඇත.
දකුණු කොරියාවේ 19 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති මැතිවරණයට අපේක්ෂකයෝ 13 දෙනෙක් ඉදිරිපත් වූහ.
(රොයිටර්/ඒ.එෆ්.පී ඇසුරිනි - 055)
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දකුණු කොරියාවට නිදහස් මතධාරී ජනපතිවරයෙක්