
දකුණු කොරියාවේ පැතිර යන ළැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 18 දෙනකු මිය ගොස් ඇතැයි පැවැසෙයි.
එරට මාධ්‍ය වාර්තා අනුව, වසර 1,300ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් ද ගින්නට හසුවීමෙන් විනාශ වී ඇතැයි පැවැසෙයි.
ළැව් ගිනි පැතිර යන්නේ, සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං නිසා යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ළැව් ගින්නට හසුවීමෙන්, ගොඩනැගිලි 200 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, 27,000 ක පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප හයක ඇති වූ ළැව්ගිනි හේතුවෙන් අක්කර 43,330 ක් ගිනිගෙන ඇති අතර පුද්ගලයන් 19 දෙනකු තුවාල ලබා ඇති බව පැවැසෙයි.
දකුණු කොරියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ ළැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් 9,000 කට ආසන්න ගණනක් සහ හෙලිකොප්ටර් යානා 130 කට වැඩි ගණනක් යොදවා ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු කොරියාවේ ළැව්ගිනි 18 ක් බිලිගනී