දකුණු කොරියාවේ ඩොක්ඩෝ කොදෙව් දූපත ආසන්න මුහුදට කඩාවැටුණු හෙලිකොප්ටරයක සිටි මගීන් හත්දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරීහු පවසති.
හෙලිකොප්ටරය දකුණු කොරියාවේ ගිනිනිවන හමුදවට අයත් එකකි.
ඩොක්ඩෝ දූපතේ සිට දකුණු කොරියාවේ ප්‍රධාන දූපතට රෝගියෙකු රැගෙන යමින් සිටියදී හෙලිකොප්ටරය මෙම අනතුරට ලක්ව ඇත.
ඩොක්ඩෝ වෙතින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් හෙලිකොප්ටරය කඩාවැටී ඇතැයි සඳහන් වේ. කිමිදුම් කරුවන්, ගුවන් යානා සහ යාත්‍රා යොදවා සෝදිසි මෙහෙයුම් සිදුකරන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඩොක්ඩෝ දූපතට ජපානය ද අයිතිවාසිකම් කියන අතර එය ටකේෂිමා ලෙස ජපානයේ හැඳින්වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
766
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු කොරියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී7 ක් අතුරුදන්