දකුණු කොරියාවේ ඩොක්ඩෝ කොදෙව් දූපත ආසන්න මුහුදට කඩාවැටුණු හෙලිකොප්ටරයක සිටි මගීන් හත්දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරීහු පවසති.
හෙලිකොප්ටරය දකුණු කොරියාවේ ගිනිනිවන හමුදවට අයත් එකකි.
ඩොක්ඩෝ දූපතේ සිට දකුණු කොරියාවේ ප්‍රධාන දූපතට රෝගියෙකු රැගෙන යමින් සිටියදී හෙලිකොප්ටරය මෙම අනතුරට ලක්ව ඇත.
ඩොක්ඩෝ වෙතින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් හෙලිකොප්ටරය කඩාවැටී ඇතැයි සඳහන් වේ. කිමිදුම් කරුවන්, ගුවන් යානා සහ යාත්‍රා යොදවා සෝදිසි මෙහෙයුම් සිදුකරන බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඩොක්ඩෝ දූපතට ජපානය ද අයිතිවාසිකම් කියන අතර එය ටකේෂිමා ලෙස ජපානයේ හැඳින්වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd