දකුණු කොරියාවේ ආරක්ෂක අංශයේ සයිබර් විධානයේ පරිගණක පද්ධතියට උතුරු කොරියාව අනවසරයෙන් ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පද්ධතියේ තිබු දත්ත කිහිපයක් සොරකම් කර ඇති බවත් ඒවා හැකර්වරුන් අතට පත් වූවාද නැතිද යන්න අදහසක් නැති බවත් දකුණු කොරියා හමුදා නිලධාරියක් පැවසීය.එම දත්ත සංවේදී දත්තද නැතිද යන්න නිවේදනය කර නොමැත.
දකුණු කොරියාවේ පරිගණක පද්ධති වලට අනවසර ඇතුළුවීම් සම්බන්ධයෙන් මීට පෙරද උතුරු කොරියාවට චෝදනා එල්ල වු නමුත් මේ වන තෙක් දකුණු කොරියා ආරක්ෂක අංශයට ඇතුළුවීමට උත්සහ ගෙන තිබුණේ නැත.මීට පෙර එල්ල වු එම චොදනා උතුරු කොරියාව ප්‍රතික්ෂේප කළේය.
ඒ අතර මාධ්‍ය ආයතන සහ බැංකු සමාගම් මුල් ස්ථාන ගන්නා අතර මේ වසරේ ජුනි මාසය වන විට සමාගම් 160ක පරිගණක 140000කට පමණ ප්‍රහාර එල්ල වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd