කොරියා දේශ සීමාවේ පිහිටි කේසොන්ග් කාර්මික කලාපයේ කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට දකුණු කොරියාව කළ ආරාධනය පිළිනොගන්නා බව උතුරු කොරියාව පවසයි.
දෙරටේ දේශසීමාබද කලාපයේ ඇති කේසොන්ග් කාර්මික කලාපයේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියාවට පැය  24ක කාලයක් ලබාදෙන බව දකුණු කොරියාව පෙරේදා නිවේදනය කළේය.
කොරියා අර්ධද්වීපයේ හටගත් යුද උණුසුමත් සමඟ වසාදැමුණු මෙම කාර්මික කලාපයේ දකුණු කොරියානු සමාගම් 123ක් ව්‍යාපාර කටයුතු සිදු කරන අතර දකුණු කොරියානුවෝ 53,000ක් පමණ එහි සේවයේ නිරත වෙති.  කේසොන්ග් කාර්මික කලාපය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අවසන් අයිතිය තමා සතු බවත් දකුණු කොරියාව සිදු කරන ප‍්‍රකාශවලින් සිදු වන්නේ විනාශය තමා වෙත කැඳවා ගැනීම බවත් උතුරු කොරියාව කියා සිටී.
සාකච්ඡා සඳහා කළ ඇරයුම උතුරු කොරියාව ප‍්‍රතික්ෂේප කිරීමත් සමඟ කේසොන්ග් කාර්මික කලාපයේ දැනට රැඳී සිටින සියලූම සේවකයන් ඉවත් කර ගැනීමට දකුණු කොරියාව තීරණය කළේය.