දකුණු කොරියාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණියේය. දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හියුන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතරේ සාකච්ඡා පැවැත්වූයේ දෙපාර්ශ්වය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.

ඉන්දියාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. ආසියාව සමග සහ විශේෂයෙන්ම ඉන්දු-පැසිෆික් කලාපය සමග බැඳීම ඉහළ නැංවීම තම සංචාරයේ අරමුණ බව චෝ හියුන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.