
දකුණු කොරියානු ධජය සහිතව යාත්‍රා කළ නෞකාවක් අත්අඩංගුවටගත් බව ඉරාන මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති නෞකාව ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරාය නගරයේ රඳවා ඇතැයි වාර්තා වේ.
රසායනික ද්‍රව්‍ය වලින් ගල්ෆ් මුහුදු කළාපය දූෂණය කිරීම සම්බන්දයෙන් මෙම නෞකාව අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයකන කිහිපයක් පවසා තිබේ.
හන්කුක් චෙමී ලෙස හැඳින්වෙන මෙම නෞකාවේ එතනෝල් ටොන් 7,200ක් පමණ ගබඩා කර ඇති බව ඉරාන ආරක්ෂක අංශ පවසයි.
නෞකාවේ කාර්ය මණ්ඩලය රඳවාගෙන ඇති අතර දකුණු කොරියානු, ඉන්දුනීසියානු, වියට්නාම් සහ මියන්මාර ජාතිකයන් ඒ අතර සිටින බව සඳහන් කර තිබේ. කෙසේ වුවද අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව හෙළිකර නොමැත.
මේ සම්බන්දව දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය ද මෙතෙක් කිසිවක් පවසා නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි)
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd