උතුරු කොරියාව න්‍යෂ්ටික බෝම්බ වැඩසටහන් නවත්වන්නේ නැති නම් උතුරු කොරියාවට දැවැන්ත බිඳවැටීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි දකුණු කොරියා ජනපතිනි පාර්ක් ගුවෙන්-හයි අනතුරු ඇඟවීය.
උතුරු කොරියාව සමග හවුල් කර්මාන්ත ශාලාවක් වසා දැමීමට තීරණය කළ ද ඇය කීවාය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අරමුණු මගින් උතුරු කොරියාවේ පාලන තන්ත්රය බිදවැටීම වේගවත් වීම පමණක් සිදු වන බවට තම අසල්වැසියාට ඒත්තු ගැන්වීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග දකුණු කොරියාව ගන්නා බව ද ඇය ප්‍රකාශ කළාය.
ක්යාසෝන්ග් කර්මාන්ත වසා දැමීම හේතුවෙන් උතුරු කොරියාව විසින් එම කර්මාන්ත වල දකුණු කොරියානු සේවකයින් නෙරපා එම ප්‍රදේශයේ හමුදා බලකා යොදවා රටවල් දෙක අතර ප්‍රධාන සන්නිවේදන ජාල අඩපන කර තිබෙන බවට සදහන්වේ.
මෙම සිද්ධියට හේතුව උතුරු කොරියාව ලෝක බලවතුන්ගේ අවවාද නොසලකමින් දිගින් දිගටම න්‍යෂ්ටික අත් හදා බැලීම් සිදු කිරීමයි. මීට මසකට පෙර ද අන්තරජාතික අනතුරු ඇගවීම් නොසලකමින් රොකට් යානයක් සහ චන්ද්‍රිකාවක් දියත් කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
549
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1694
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු කොරියා ජනපතිනිය උතුරු කොරියාවට අනතුරු අඟවයි
කිත්සිරි Tuesday, 16 February 2016 08:34 PM
මෙවන් පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)
සංජීව Wednesday, 17 February 2016 05:08 AM
දකුණු කොරියානුවන් යුද්දයට බයයි හමුදා සොල්දාදුවන් ගේ මොරාල් එක උතුරු කොරියානුවන්ට වඩා අඩුයි. උතුරු කොරියනනුවන් බිලිබද අන්තර්ජාලයේ බලන්න බටහිරින් එන තොරොම් බෝල අය ගාව නැහැ තමන්ගේ රට ගැන හිතාන ජාතියක් (බ)
රිචි බාලසුරිය Wednesday, 17 February 2016 09:26 AM
දකුණු කොරියාව ඇමරිකානු ගැත්තන්ගෙන් මිදී රටවල් දෙකේ සාමය ඇතිකර කලකදී එකම රටක් වනවා දකින්න කවුරුත් කැමති , එහෙත් ඇමරිකාව දකුණු කොරියාව දාල යන්න කැමති නැහැ , තම යුධ බලය හමුදා එරට තබා ගන්න ඕනේ නිසා , එසේ නොවන්ට මේ රටවල් දෙකම එක රටක්. (ර)
ඇන්ජෙලෝ Wednesday, 17 February 2016 11:16 AM
යුද්ධයට බයනැත්තේ මොකද ,මතකනේ අවුරුදු 30 විදෙව්වා. (ර)
රවී කන්කානම්ගේ Wednesday, 17 February 2016 03:58 AM
රටවල් දෙකම ස්වාධින වෙනකන් අන් රටවලට ගැති නොවේ නම් ප්‍රශ්න නැතිව ඉන්න පුළුවන් (ම)