දකුණු කොරියා ජනපති පාර්ක් ගුඑන් හයි ඇගේ උපදේශකයින් 10 දෙනෙකුට ඉල්ලා අස් වන ලෙස නියෝග කර ඇතැයි වාර්තා වෙයි.ඇයගේ හිතවතකුට දේශපාලන සාකච්ඡා සැකසීමට අවසර දුන්නායැයි ඇයට චෝදනා කළ දස දෙනෙකුට මෙලෙස නියෝග කර තිබේ.

කිසිදු රජයේ රැකියාවක නිරත නොවන චෝයි සුන්-සිල් නමැති කාන්තාවක ප්‍රතිපත්ති සම්පාදනයට හවුල් කරගැනීමත් ජනාධිපති සම්බන්ධතා භාවිත කරමින් ඇයට ලාභ උපයා ගැනීමට අවස්ථාව ලබාදීමත් එරට ජනපතිවරියට විරුද්ධව ඇති ප්‍රබල චෝදනාවකි.ඉන් පසු ඇය මාධ්‍ය අමතමින් සමාව අයැද සිටියාය.

මේ හේතුවෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල වන අතර මෙම සිදුවීමට විරෝධය දක්වමින් විරෝධතා රැසක් සංවිධානය කර තිබිණි.ජනපතිනියට ඉල්ලා අස් වෙන ලෙස විපක්ෂයෙ ඇතැම් මන්ත්‍රීවරු සහ විරෝධතාකරුවෝ ඉල්ලති. මේ හේතුවෙන් ඇයට දෙවැනි ධුර කාලය සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇතැයි දේශපාලන විශේෂඥයෝ කියති.

ඇය 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට එරට ප්‍රථම ජනපතිවරිය ලෙස පත්විය.

855

(ජනපතිනිය මාධ්‍ය අමතමින් සමාව ඇයද සිටියාය )

Untitled-1

(ජනපතිනියට විරෝධය දක්වමින් උද්ඝෝෂණ පැවැත්වෙයි  )

(ඡායාරූප-ඊපීඒ)