
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනාධිතිවරයා පරාජයට පත් විය.
යූන් සුක් යෝල්ගේ සියලු ජනාපධිති බලතල අත්හිටුවා දැමුණු අතර, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වැඩ බලන ජනාධිපති ලෙස තෝරා ගැනුණි. පසුගිය දෙසැම්බර් තුන් වැනිදා රාත්‍රියේ හිටිහැටියේ, යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මැද පැය දෙකක් ඇතුළත එය ඉවත් කර ගැනීමෙන් පසු, ජනාධිපති යෝල්ට එරෙහිව ගෙනා දෙවැනි දෝෂාභියෝගය මෙයයි.
පළමු දෝෂාභියෝගයේදී, ජනාධිපතියෝල්ගේ ‘පීලප්ස් පවර්’ පක්ෂය ඡන්ද විමසුම වර්ජනය කළ අතර, දෝෂාභියෝගය පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත් විය.
අද (14) උදෑසන, ජනාධිපති යෝල්ට එරෙහිව දෙවැනි වරට ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයේදී, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ.
එහිදී පක්ෂව ඡන්ද 204 ක් ද විපක්ෂව ඡන්ද 85 ක් ද හිමිවිය. ඒ අනුව, ජනාධිපතිවරයාට ඔහුගේ ජනාධිපති බලතල භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදා වුණු අතර, ඔහුට ජනපති ධුරය අත් හැරීමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක හැටියට අපේ පළපුරුදු සීයා කිව්වා නේද ගත්තු තීරණය ඉතාමත් හොඳ එකක් කියලා..