
දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති ලෙස එම ධුරය බාරගත් එරට අග්‍රාමාත්‍ය හන් ඩක් සූ ට එරෙහිව එරට විපක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝගය දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව, වැඩ තහනමට ලක්වී සිටි, අග්‍රාමාත්‍ය හන් ඩක් සූ, යළි දකුණු කොරියානු ජනාධිපති ලෙසත් මුදල් අමාත්‍යවරයා ලෙසත් සිය රාජකාරි කටයුතුවල නියැලෙනු ඇතැයි ද පැවැසෙයි.
දෝෂභියෝගයට ලක් වීමට පෙර, අග්‍රාමාත්‍ය හන් ඩක් සූ, වැඩ බලන ජනාධිපති ලෙස එම ධුරයට පත් වූයේ, පසුගිය දෙසැම්බරයේ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට ගිය ජනාධිපති යූන් සුක් යෝල් දෝෂාභියෝගයට ලක් වී ඔහුගේ බලතල අත්හිටුවීමත් සමඟය.
යූන් සුක් යෝල්ට රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. එහිදී ඔහු එම චෝදනාවලට වරදකරු වුවහොත්, ඔහුට ජනාධිපති ධුරය අහිමි වනු ඇත. ඊට අමතරව, සිර දඬුවම් ද නියම වනු ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු කොරියා අගමැති දෝෂාභියෝගයෙන් නිදහස්