දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය හා අවට ප්‍රදේශවලට දින දෙකක් තිස්සේ ඇද හැළුණු මහ වැසි හේතුවෙන් දැඩි ගංවතුර තර්ජනයක් හටගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදේශය පුරා විදුලිය ඇණහිට ඇති අතර දුම්රිය ධාවනය නවතා දමා ඇති අතර ගුවන් ගමන් ද අවලංගු කර ඇත. ගුවන් ගමන් යාමට පැමිණි 400ක පමණ පිරිසක් චෙන්නායි ගුවන් තොටුපොළේ අතරමංව සිටිති.
විපතට පත්වූවන් බේරාගැනීමට දහස් සංඛ්‍යාත සහන සේවකයන්, පොලිසිය හා යුද හමුදාව දැඩි වෙහෙසක් ගන්නා බව ද ඉන්දීය රජය පවසයි. බෙංගාල බොක්කේ හටගෙන ඇති අවපාතයක් හේතුවෙන් මේ අහිතකර කාලගුණ තත්ත්වය ඇතිවී තිබේ.
පසුගිය මාසයක කාලයක් පුරා ගංවතුර හා දැඩි සුළං හේතුවෙන් 188 දෙනකු මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට වියලි ආහාර බෙදමු. (ර)
අනේ දෙවියනේ! (නි)
එහෙන් ලෝක යුද්ධ. මෙහෙන් ස්වාභාවික විපත් (නි)
දැන් මේ බලන්න අපේ අය මේ අය වෙනුවෙන් දුක් වෙනවා. අපි හැකි පමණ උදව් කරමු. (ර)
අනේ දෙවියනේ මේ මිනිසුන්ව ගලවාගන්න (ම)