IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දකුණු අප්‍රිකාව සිංහයන් මරා සල්ලි ගරයි

කුකුළු ගොවිපළක මස් සඳහා කුකුළන් ඇතිකරන්නාක් මෙන් ධනවත් සංචාරකයින්ගේ දඩයම් ඉලක්ක යොදා ගැනීමට සිංහයින් ඇති කෙරෙන සිංහ ගොවිපළ දකුණු අපි‍්‍රකාවේ තිබෙන බව නවතම වාර්තාමය වැඩසටහනකින් අනාවරණය කරයි.

වසරකට දකුණු අපි‍්‍රකාවේ සිංහයන් දහසක් පමණ දඩයම් කැරෙන අතර ඒ අතරින් බොහෝ සතුන් සිංහ දඩයම සඳහාම එරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉලක්ක වේ.

ඇතැම් සෆාරි සේවා ආයතන සිංහ දඩයම සඳහාම සංචාරකයින්ගෙන් මුදල් අයකරන බව පැවසේ. වාර්තාමය වැඩසටහනෙන් අනාවරණය කර ඇති පරිදි මෙම සංචාරකයින්ට උද්‍යානයේ සිටින විවිධ සිංහයින්ගේ තොරතුරු සඳහන් ලිපිගොනුවක් ලබාදෙන අතර ඒ අතරින් තමන්ට කැමති සිංහයා තෝරාගත හැකිය. වටිනාකම අනුව සිංහයකු ඩොලර් 5000 සිට 50000 දක්වා මුදලකට අලෙවි වන බවද සඳහන්ය.

දඩයමේ යෙදීමට සාමාන්‍ය උද්‍යානයක් හෝ දඩයම් සඳහාම වෙනම වෙන්කරන ලද ප‍්‍රදේශයක් තෝරාගැනීමේ අවස්ථාව ද සංචාරකයින්ට හිමිවේ. ගිනි අවියකින් හෝ දුන්නෙන් දඩයම කළ හැකිය.

ඉතාම ලාභ ලබන ව්‍යාපාරයක් නිසා මෙය මැඩපැවැත්වීමට දකුණු අපි‍්‍රකා බලධරයින්ගේ වුවමනාවක් නැතැයි වාර්තා වැඩසටහනට අදහස් දක්වා තිබෙන පරිසරවේදීහු චෝදනා කරති.

දඩයම් සඳහා සතුන් ඇතිකරන ගොවිපළ ඇති බව දැනටමත් ඒ ගොවිපලවල්  වලින් සිදුවන්නේ සිංහයින් සංරක්ෂණය කිරීම බව කියන බළධරයින්ද සිටින බව ඔවුහු පවසති.

2B3F90F300000578-3020102-image-a-5_1439279454583[1] 2B3F95F500000578-3020102-Trapped_Lions_are_being_bred_in_their_hundreds_in_private_reserv-a-7_1439277124775[1] 2B3F951800000578-3020102-In_focus_Documentary_makers_went_undercover_to_film_Blood_Lions_-a-4_1439277124725[1] 2B3F967300000578-3020102-Conservation_Owners_of_the_canned_hunting_enclosures_say_they_ar-a-5_1439277124726[1] 2B3FC0E500000578-3020102-Looked_after_John_Matins_adds_that_the_animals_bred_in_captivity-a-26_1439281317612[1] 2B435F1C00000578-3020102-image-m-3_1439278876139[1]



අදහස් (0)

දකුණු අප්‍රිකාව සිංහයන් මරා සල්ලි ගරයි

නිශේන් Wednesday, 12 August 2015 04:03 PM

අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ජස්ටින් Friday, 14 August 2015 01:57 PM

අපි ඉන්නේ බල්ලෝ මරල හරි සල්ලි හොයමු කියන සමජ රාමුවක අපි ප්‍රශ්න කරමු එය (අ)

:       0       0

නුවන් Wednesday, 12 August 2015 04:06 PM

සිංහයො ඇතිකරන අයත් පවුකාරයෝ. මරන අයත් පවුකාරයෝ. මෙච්චර මිනිස්සු බඩගින්නෙ ඉන්න ලෝකයේ ඩොලර් 50000 දීලා කූඩුකරපු සිංහයෙක් මරලා සතුටුවෙන මිනිස්සු ඉන්නවනේ...? (නි)

:       0       0

ඉෂාරා Monday, 17 August 2015 04:05 AM

මහ මුසල වැඩක් (නදී)

:       0       0

ගිහාන් Thursday, 13 August 2015 05:35 AM

කොයි ලොව යන්නේ මරණින් මත්තේ.... (නි)

:       0       0

පෙරේරා Thursday, 13 August 2015 05:36 AM

ඇත්තටම අද සිංහයන්ට තිබෙන වටිනාකම මිනිසුන්ට නැහැ නේද? (නි)

:       0       0

සසංක Thursday, 13 August 2015 05:59 AM

වෙඩි තියලා මරලා ෆොටෝ එකටත් ඉන්න හැටි? (නි)

:       0       0

පියලාල් Friday, 14 August 2015 09:06 AM

අපේ ජාතික ධජයෙත් ඉන්න නිසා ලංකාවට පුළුවන්නේ මේ සිංහයෝ ටිකක් මිලදී ගෙන අපේ වනාන්තර වලට ගෙනත් මුදා හරින්න.(නදී)

:       0       0

ඉශාර Thursday, 13 August 2015 06:37 AM

කොච්චර දරුණු සිත් ඇති මිනිසුන්ද? (නි)

:       0       0

තිස්ස Thursday, 13 August 2015 06:37 AM

මැරුන සිංහයා ළඟ ඉඳගෙන අර කාන්තාව දාන හිනාව දිහා බලන්න.කොච්චර දුෂ්ටද? (නි)

:       0       0

ටිරෝන් Saturday, 15 August 2015 03:13 PM

හැමෝම එකක් මතක තබා ගතයුතුයි.මේක ලංකාවේ වගේ සතුන් මරලා මස් කෑමක් නෙමෙයි.ඒවගේම මේකෙන් කරන්නේ සත්ව ගහණය මැඩපවත්වන එකත් නෙමෙයි. ධනවත් පිරිසට දඩයමට මේ සතුන් ඇතිකරන්නේ වෙනමයි. ඒ වෙනුවෙන් ලොකු මුදලක් ගෙවලා දඩයම අවසන්වෙලා ඒ සතාගේ මස් දුප්පත් කළු ජාතික පවුල් වලට බෙදනවා.ඒ සතාගේ ඔලුව විතරක් සිහිවටනයක් ලෙස ගෙනයනවා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 13 August 2015 06:44 AM

පළමු මිනිසා බිහිවුණේ අෆ්රිකාවෙන්. එහෙත් මෙතරම් ම්ලේච්ඡයෝ එහෙ ඇති කියා සිතුවේ නැහැ (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 11:47 AM

තිරිසන් ව්‍යාපාරයක් - නිරයට පහසුම මඟ (අ)

:       0       0

ගේබ්‍රියෙල් Friday, 14 August 2015 04:24 PM

අපේ රටේ සල්ලි වලට මිනිස්සු මරන එකේ සිංහයෝ මොක්කුද? (නි)

:       0       0

දර්ශ Wednesday, 12 August 2015 12:30 PM

ලෝකයේ කොයි ඉම බැලුවත් තියෙන්නේ පිරිහෙන මිනිසත්කම මිස මනුධර්මය නොවේ දැන් (නදී)

:       0       0

ගීතිකා Saturday, 15 August 2015 05:29 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

සුජිව Thursday, 13 August 2015 03:42 AM

මොවුන් මිනිසුන් නෙවේ (ම)

:       0       0

එරා Thursday, 13 August 2015 07:57 AM

බණ්ඩාර මහත්මය, කවුද කියන්නේ පළමු මිනිසා බිහි උනේ ඇෆ්රිකාවේ කියල? මොනවද සාක්ෂි? මටත් හරි ආසයි එ්ක දැනගන්න (නදී)

:       0       0

සමීරා Thursday, 13 August 2015 07:58 AM

මුන් මිනිසුන් නෙමෙයි තිරිසනුන්ටත් අන්ත තිරිසනුන් (නදී)

:       0       0

කුමාර Friday, 14 August 2015 07:20 AM

පවා හා පන සම්බන්ධයෙන් නම් මාළුවත් කුකුලත් සිංහයාත් එකයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site