කුකුළු ගොවිපළක මස් සඳහා කුකුළන් ඇතිකරන්නාක් මෙන් ධනවත් සංචාරකයින්ගේ දඩයම් ඉලක්ක යොදා ගැනීමට සිංහයින් ඇති කෙරෙන සිංහ ගොවිපළ දකුණු අපි‍්‍රකාවේ තිබෙන බව නවතම වාර්තාමය වැඩසටහනකින් අනාවරණය කරයි.
වසරකට දකුණු අපි‍්‍රකාවේ සිංහයන් දහසක් පමණ දඩයම් කැරෙන අතර ඒ අතරින් බොහෝ සතුන් සිංහ දඩයම සඳහාම එරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉලක්ක වේ.
ඇතැම් සෆාරි සේවා ආයතන සිංහ දඩයම සඳහාම සංචාරකයින්ගෙන් මුදල් අයකරන බව පැවසේ. වාර්තාමය වැඩසටහනෙන් අනාවරණය කර ඇති පරිදි මෙම සංචාරකයින්ට උද්‍යානයේ සිටින විවිධ සිංහයින්ගේ තොරතුරු සඳහන් ලිපිගොනුවක් ලබාදෙන අතර ඒ අතරින් තමන්ට කැමති සිංහයා තෝරාගත හැකිය. වටිනාකම අනුව සිංහයකු ඩොලර් 5000 සිට 50000 දක්වා මුදලකට අලෙවි වන බවද සඳහන්ය.
දඩයමේ යෙදීමට සාමාන්‍ය උද්‍යානයක් හෝ දඩයම් සඳහාම වෙනම වෙන්කරන ලද ප‍්‍රදේශයක් තෝරාගැනීමේ අවස්ථාව ද සංචාරකයින්ට හිමිවේ. ගිනි අවියකින් හෝ දුන්නෙන් දඩයම කළ හැකිය.
ඉතාම ලාභ ලබන ව්‍යාපාරයක් නිසා මෙය මැඩපැවැත්වීමට දකුණු අපි‍්‍රකා බලධරයින්ගේ වුවමනාවක් නැතැයි වාර්තා වැඩසටහනට අදහස් දක්වා තිබෙන පරිසරවේදීහු චෝදනා කරති.
දඩයම් සඳහා සතුන් ඇතිකරන ගොවිපළ ඇති බව දැනටමත් ඒ ගොවිපලවල් වලින් සිදුවන්නේ සිංහයින් සංරක්ෂණය කිරීම බව කියන බළධරයින්ද සිටින බව ඔවුහු පවසති.
![2B3F90F300000578-3020102-image-a-5_1439279454583[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B3F90F300000578-3020102-image-a-5_14392794545831.jpg)
![2B3F95F500000578-3020102-Trapped_Lions_are_being_bred_in_their_hundreds_in_private_reserv-a-7_1439277124775[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B3F95F500000578-3020102-Trapped_Lions_are_being_bred_in_their_hundreds_in_private_reserv-a-7_14392771247751.jpg)
![2B3F951800000578-3020102-In_focus_Documentary_makers_went_undercover_to_film_Blood_Lions_-a-4_1439277124725[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B3F951800000578-3020102-In_focus_Documentary_makers_went_undercover_to_film_Blood_Lions_-a-4_14392771247251.jpg)
![2B3F967300000578-3020102-Conservation_Owners_of_the_canned_hunting_enclosures_say_they_ar-a-5_1439277124726[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B3F967300000578-3020102-Conservation_Owners_of_the_canned_hunting_enclosures_say_they_ar-a-5_14392771247261.jpg)
![2B3FC0E500000578-3020102-Looked_after_John_Matins_adds_that_the_animals_bred_in_captivity-a-26_1439281317612[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B3FC0E500000578-3020102-Looked_after_John_Matins_adds_that_the_animals_bred_in_captivity-a-26_14392813176121.jpg)
![2B435F1C00000578-3020102-image-m-3_1439278876139[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2B435F1C00000578-3020102-image-m-3_14392788761391.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
අපි ඉන්නේ බල්ලෝ මරල හරි සල්ලි හොයමු කියන සමජ රාමුවක අපි ප්‍රශ්න කරමු එය (අ)
සිංහයො ඇතිකරන අයත් පවුකාරයෝ. මරන අයත් පවුකාරයෝ. මෙච්චර මිනිස්සු බඩගින්නෙ ඉන්න ලෝකයේ ඩොලර් 50000 දීලා කූඩුකරපු සිංහයෙක් මරලා සතුටුවෙන මිනිස්සු ඉන්නවනේ...? (නි)
මහ මුසල වැඩක් (නදී)
කොයි ලොව යන්නේ මරණින් මත්තේ.... (නි)
ඇත්තටම අද සිංහයන්ට තිබෙන වටිනාකම මිනිසුන්ට නැහැ නේද? (නි)
වෙඩි තියලා මරලා ෆොටෝ එකටත් ඉන්න හැටි? (නි)
අපේ ජාතික ධජයෙත් ඉන්න නිසා ලංකාවට පුළුවන්නේ මේ සිංහයෝ ටිකක් මිලදී ගෙන අපේ වනාන්තර වලට ගෙනත් මුදා හරින්න.(නදී)
කොච්චර දරුණු සිත් ඇති මිනිසුන්ද? (නි)
මැරුන සිංහයා ළඟ ඉඳගෙන අර කාන්තාව දාන හිනාව දිහා බලන්න.කොච්චර දුෂ්ටද? (නි)
හැමෝම එකක් මතක තබා ගතයුතුයි.මේක ලංකාවේ වගේ සතුන් මරලා මස් කෑමක් නෙමෙයි.ඒවගේම මේකෙන් කරන්නේ සත්ව ගහණය මැඩපවත්වන එකත් නෙමෙයි. ධනවත් පිරිසට දඩයමට මේ සතුන් ඇතිකරන්නේ වෙනමයි. ඒ වෙනුවෙන් ලොකු මුදලක් ගෙවලා දඩයම අවසන්වෙලා ඒ සතාගේ මස් දුප්පත් කළු ජාතික පවුල් වලට බෙදනවා.ඒ සතාගේ ඔලුව විතරක් සිහිවටනයක් ලෙස ගෙනයනවා (නි)
පළමු මිනිසා බිහිවුණේ අෆ්රිකාවෙන්. එහෙත් මෙතරම් ම්ලේච්ඡයෝ එහෙ ඇති කියා සිතුවේ නැහැ (නි)
තිරිසන් ව්‍යාපාරයක් - නිරයට පහසුම මඟ (අ)
අපේ රටේ සල්ලි වලට මිනිස්සු මරන එකේ සිංහයෝ මොක්කුද? (නි)
ලෝකයේ කොයි ඉම බැලුවත් තියෙන්නේ පිරිහෙන මිනිසත්කම මිස මනුධර්මය නොවේ දැන් (නදී)
අනේ මෙහෙමත් දේවල්! (නි)
මොවුන් මිනිසුන් නෙවේ (ම)
බණ්ඩාර මහත්මය, කවුද කියන්නේ පළමු මිනිසා බිහි උනේ ඇෆ්රිකාවේ කියල? මොනවද සාක්ෂි? මටත් හරි ආසයි එ්ක දැනගන්න (නදී)
මුන් මිනිසුන් නෙමෙයි තිරිසනුන්ටත් අන්ත තිරිසනුන් (නදී)
පවා හා පන සම්බන්ධයෙන් නම් මාළුවත් කුකුලත් සිංහයාත් එකයි (අ)