දකුණු අප්‍රිකාව, සිවුවැනි 'කොවිඩ් 19' රැල්ලෙන් බැටකන බවත්, අවුරුදු පහට අඩු කුඩා දරුවන්ට වයිරසයෙන් වැඩි බලපෑමක් එල්ල වන බවත් එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත.
'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය ද දකුණු අප්‍රිකාව පුරා පැතිරීම මේ වනවිට ආරම්භ වී ඇත. සිවුවැනි කොරෝනා රැල්ලට හේතුව 'ඔමික්‍රෝන්' විය හැකි යැයි ද සැක කෙරේ.
'ඔමික්‍රෝන්' විකෘතිය හඳුනා ගැනීමට නම් ජාන විශ්ලේෂණය කළ යුතුය. 'ඔමික්‍රෝන්' විකෘතිය සම්බන්ධයෙන් පළමුවෙන් ලොවට අනතුරු ඇඟවීම් කළේ ද දකුණු අප්‍රිකාවය. ලොව ප්‍රධාන පෙළේ වයිරස විශේෂඥයන් සහ වයිරස පර්යේෂණ ආයතන ඇත්තේ දකුණු අප්‍රිකාවේය.
'මෙම සිවුවැනි කොරෝනා රැල්ලෙන් අවුරුදු 5 ට අඩු දරුවන්ට පවා බලපෑම් එල්ල වී තිබෙනවා. කලින් අවස්ථාවලදී එසේ වූයේ නැහැ. තෙවැනි කොරෝනා රැල්ලේ දී අවුරුදු 12 ට වැඩි දරුවන් වැඩි වැඩියෙන් රෝහල්ගත කෙරුණා. දැන් රෝහල් ගත කිරීම වැඩි වී ඇත්තේ අවුරුදු 5 ට අඩු දරුවන්' යැයි සෞඛ්‍ය අමාත්‍ය ජෝ පාලාහ් පවසා තිබේ.
මේ වනවිට දකුණු අප්‍රිකාවේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 3 පසු කර තිබේ. දෛනිකව ආසාදිතයන් 10,000 පසු කරමින් වාර්තා වන බව එරට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සලීම් අබ්දූල් කරිම් පවසා ඇත. පසුගිය සිකුරාදා (3) නව ආසාදිතයන් 16,055 දෙනකු වාර්තා වූ බවත්, ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 3,004,203 ක් තෙක් ඉහළ ගිය බවත් වාර්තා වේ.
මේ අතර, අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යය ඊයේ (4) නිවේදනය කළේ එරටින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් 50 දෙනකු මේ වනවිට හමුවී ඇති බවය. ඒ අනුව, බූස්ටර් එන්නත් ලබා දීම වේගවත් කරන බවත් පළමුවෙන් බූස්ටර් එන්නත් ලැබෙනු ඇත්තේ සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකාවන්ට, වැඩිහිටියන්ට සහ බරපතල රෝගාබාධ ඇති පුද්ගලයන්ට බවත් සිම්බාබ්වේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ජේන් මැන්ග්විරෝ පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දකුණු අප්‍රිකාව සිවුවැනි කොරෝනා රැල්ලෙන් බැටකයි