දකුණු අප්‍රිකාවේ ඊසාන දිග ප්ලැටිනම් පතලක කම්කරුවන් ගමන් කරමින් තිබූ බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් කම්කරුවන් 06දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මියගිය කම්කරුවන් පිළිස්සිම හේතුවෙන් මරණයට පත්වී ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ 28 දෙනකු රෝහල්ගත කළ බව බලධාරීහු පවසති. බස් රථයේ පතල් කම්කරුවන් 50ක් පමණ ගමන් කර ඇති බවත් ප්‍රහාරකයා බෝම්බය බස් රථය වෙත වීසි කිරීමෙන් පසු පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.
රාත්‍රී වැඩමුරය සඳහා කම්කරුවන් ගෙන එමින් තිබූ රථයට මෙසේ ප්‍රහාර එල්ල වි ඇත.
දකුණු අප්‍රිකාව ලෝකයේ ප්‍රධානම ප්ලැටිනම් සැපයුම්කරුවකු වේ.
(රොයිටර් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd