දකුණු අප්‍රිකාවේ ෆ්‍රී ස්ටේට් පළාතේ ක්රූන්ස්ටැඩ් නගරය ආසන්යේ ගමන්ගත් දුමිරියක් ට්‍රක් රථයක ගැටී ගිනිගැනීම හේතුවෙන් හතර දෙනකු මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ට්‍රක් රථය අනික් පැත්තට පෙරළී ඇති අතර දුම්රියේ එක් මැදිරියක් තවත් මෝටර් රථයක් උඩට වැටී ඇතැයි පැවසේ. පළායෑමට තැත්කල ට්‍රක් රථයේ රියදුරා පසුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. දුම්රිය පෝර්ට් එළිසබත් සිට ජොහැන්ස්බර්ග් දක්වා ගමන් කරමින් තිබී ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd