
දකුණු අප්‍රිකාවේ ඩර්බන් මුහුදු වෙරළට හිටිහැටියේ, සුනාමියක් වැනි රළ පහරක් කඩා වැදීමෙන් මුහුදේ පීනමින් සිටි තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රචණ්ඩ රළ පහරට හසුවී තුවාල ලැබූ ගණන 17 කි.
මියගියේ 'බේ ඔෆ් ප්ලෙන්ටි' බොක්කේ පිහිනමින් සිටි තිදෙනකි.
මොවුන් රළ පහරට හසුවී මූදට ගසාගෙන ගිය බවත් ඉන්පසු ඔවුන් ගිලී මියගිය බවත් අනාවරණය විය.
තුවාල ලැබූ 17 දෙනා අතරින් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd