දකුණු අප්‍රිකා  ජනාධිපති ජෙකොබ් සුමෝට දුෂණ හා වංචා චෝදනා 740 කට පමණ අධිකරණයේදී මුහුණ දීමට සිදුවන බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

2009 දී ජනාධිපතිවරණයට සති කිහිපයක් තිබියදී එරට නීතිපතිවරයා විසින් එම චෝදනා විභාග නොකොට ඉවත දැමීමට දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් මෙම තීන්දුව ලබා දී තිබේ.

2009 දී චෝදනා විභාග නොකර සිටීම පිළිබද විමර්ශනයක් ද පැවැත්විය යුතු බවට එරට අධිකරණය තීන්දු කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් ඔහුට ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන ලෙස බලපෑම් ද එල්ල වන බවට සදහන් වේ. බොහෝ චෝදනා එල්ල වනුයේ නීතිවිරෝධී ලෙස අවි ගනුදෙනු කිරීම සම්බන්දවයි. ඔහු ඩොලර් බිලියන ගණන් වටිනා අවි ගනුදෙනු කර ඇති බවත් එහිදී සිදු කෙරෙනු වංචාවන් සිදු වී ඇති බවටත් චෝදනා එල්ල වෙයි.

කෙසේ වෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.