
දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාගේ අනුමැතිය සූලු රජුට හිමිවිය. සූලු ගෝත්‍රික ප්‍රජාව,නව රජු ලෙස තෝරාගෙන ඇත්තේ මිසුසූලු කවෙලෙට්තීනීය.
සූලු යනු දකුණු අප්‍රිකාවේ ගෝත්‍රික ජන කොට්ඨාශයයි. දකුණු අප්‍රිකාවේ විශාලතම වාර්ගික ජනකොට්ඨාශය වන්නේ ද සූලු වැසියන්ය. ඔවුන් තවමත් ඔවුන්ගේ පැරැණි සම්ප්‍රදායට අනුව, රජ කනෙකු තෝරා ගනී. රජු කිරුළු පැලදීම සිදුවන්නේ 1975 වසරේ සිටය. නව රජුට අනුමැතිය දීම සිදු කරන්නේ දකුණු අප්‍රිකා ජනාධිපතිවරයාය.
එ් අනුව, නව සූලු රජු මිසුසූලු කවෙලෙට්තීනී, පිළිගැනීම සඳහා ජනාධිපති සිරිල් රැම්පෝසා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. “මිසුසූලු කවෙලෙට්තීනී නව සූලු රජු ලෙස මා පිළිගන්නවා. ඔහු අපේ රජු. සූලු ප්‍රජාව නියෝජනය කරන එකම රජු ඔහු” යැයි ජනාධිපති රැම්පෝසා එම උත්සවයේ දී පැවැසුවේය.
මිසුසූලු කවෙලෙට්තීනී නව සූලු රජු ලෙස පිළිගැනීමත් සමඟ දකුණු අප්‍රිකා රජයේ සහාය පමණක් නොව අනුග්‍රහය ද නව රජුය හිමිවෙයි. 2021 වසරේ දී, සූලු රජු ලෙස කිරැළ දරා සිටි ස්වෙලිතීනි අභාවප්‍රාප්ත විය. 48 හැවිරිදි මිසුසූලු කවෙලෙට්තීනී යනු ස්වෙලිතීනි රජුගේ පුත්‍රයාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd