ජනතාව නොමග යැවීම සඳහා වුවමනාවෙන් වැරැදි තොරතුරු සැපයීම වැළැක්වීම සඳහා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත බී.බී.සී. පුවත් සේවය, අනෙකුත් ප්‍රධාන පෙළේ ගෝලීය පුවත් සේවා සහ තාක්ෂණික සංවිධාන සමඟ අත්වැල් බැඳ ගනිමින් නව වැඩසටහන් පෙළක් ආරම්භ කර ඇත.
මෙම සහයෝගීතාව මුල් වරට අනාවරණය කරන ලද්දේ බී.බී.සී. පුවත් සේවයයි. බී.බී.සී. පුවත් සේවය සෙනසුරාදා දිනයේදී එහි පාර්ශවකරුවන් ද නිවේදනය කළේය
මෙම සහයෝගීතාවට අනුව තම පරිශීලකයන්, ශ්‍රාවකයන් හා ප්‍රේක්ෂකයන් දුස් තොරතුරුවලින් ( නොමග යැවීම සඳහා වුවමනාවෙන් සපයන වැරැදි තොරතුරු ) ආරක්ෂා කරගැනීම සඳහා පුවත් හා තාක්ෂණික ලොව දැවැන්තයෝ සැලසුම් සකස් කරමින් සිටිති. විශේෂයෙන්ම ගෝලීයව පැවැත්වෙන මැතිවරණ ආදී ප්‍රධාන පෙළේ ඉසව් හා සිදුවීම්වලදී එවැනි තොරතුරු ව්‍යාප්ත වීමට එරෙහිව වැට බැඳීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සහ ප්‍රකාශන සමාගම්වල ජ්‍යෙෂ්ඨයන් එකතු කරගනිමින් බී.බී.සී. පුවත් සේවය මේ වසර මුලදී “ට්‍රස්ටඞ් නිව්ස් සමිට්” යනුවෙන් සමුළුවක් ද කැඳෙව්වේය.
ඉන්දීය මහ මැතිවරණය ආදී ඉසව්වලදී දුස් තොරතුරු ව්‍යාප්තවීමේ අවදානම කෙරෙහි සහ එකමුතුව වැඩ කිරීම අවශ්‍යතාව සහ වැදගත්කම සම්බන්ධයෙන් ද එහිදි අවධානය යොමු විය.
එම සමුළුවේදී මිනිස් ජීවිත උවදුරේ හෙළන හා මැතිවරණවලට බාධා එල්ල කරන දුස් තොරතුරු අනාවරණය කරගැනීමත් එකිනෙකාට අනතුරු ඇඟවීම සඳහාත් පද්ධති නිර්මාණය කිරීම, එවැනි ව්‍යාපෘතිවලදී එකමුතුව කටයුතු කිරීම යනාදිය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගන්නා ලදි. ‘පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතියක්’ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මෙන්ම දුස් තොරතුරු ස්ථාපිත හා ව්‍යාප්ත වීමට පෙර දුර්වල කිරීමට එකමුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් එහිදි අවධාරණය කර තිබේ.
ඒකාබද්ධ මාධ්‍ය අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කිරීම, මැතිවරණ සම්බන්ධයෙන් තොරතුරු සහ පැහැදිලි කිරීම් කරන වැඩසටහන් සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් වැඩ කිරීම සම්බන්ධයෙන් ද සමුළුවේදී එකඟතාවක් ඇති කරගෙන තිබේ.
යුරෝපියන් බ්‍රෝඞ්කාස්ටින් යූනියන් (ඊ.බි.යු), ෆයිනෑන්ෂියල් ටයිම්ස්, ෆස්ට් ඩ්‍රාෆ්ට්, ගූගල්, ද හින්දු, ද වෝල් ස්ටීට් සහ බී.බී.සී. යන පාර්ශවකරුවෝ සමුළුවට සහභාගී වූහ. ප්‍රංශ පුවත් සේවය (ඒ.එෆ්.පී), සී.බී.සී./රේඩියෝ කැනඩා, මයික්‍රෝසොෆ්ට්, රොයිටර්ස්, ජනමාධ්‍ය අධ්‍යයනය සඳහා වූ රොයිටර්ස් ආයතනය සහ ට්විටර් මෙම වැඩසටහනේ අනෙක් පාර්ශවකරුවෝ වෙති.
ද හින්දු ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd