ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් ඉවත් වන බව තෙළඟු දේසාම් පක්ෂය අද සිකුරාදා (16) නිවේදනය කළේය. 
 

එම පක්ෂයේ නායක සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැති චන්ද්‍රබාබු නයිදු ඒ බව නිවේදනය කළ අතර ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ද හෙතෙම කීය. ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේදී ආණ්ඩුවට එරෙහිව මෙම විශ්වාසභංගයක් ගෙන එන බවත් හෙතෙම කීවේය. 
 
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂය එන බව ඊයේ බ්‍රහස්පතින්දා (15) නිවේදනය කළේය. විශ්වාසභංග යෝජනාවක් පිළිගැනීමට පක්ෂයකට අත්සන් 50ක් තිබිය යුතුය. 
 
ලෝක සභාවේ සිටින වයි.එස්.ආර් කොංග්‍රස් පක්ෂ සාමාජිකයන් ගණන 9ක් වන අතර තෙළඟු දේසාම් පක්ෂ සාමාජිකයන් ගණන 16කි. 
 
ආණ්ඩුව තෙලන්ගානා ජනතාවගේ අපේක්ෂා ඉටු නොකළා පමණක් නොව ප්‍රාන්තයේ කටයුතුවලට ද අපේක්ෂා කළ පමණින්  සහයෝගය නොදුන් බවත් සඳහන් කරමින් චන්ද්‍රබාබු නයිදු භාරතීය ජනතා පක්ෂ සභාපති අමිත් ෂාට ලිපියක් ද යවා ඇත. 
 
ප්‍රාන්තයේ කටයුතුවලට මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම මෙම ඉවත්ව යෑමට ප්‍රධානතම හේතුව වී තිබෙන අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට මෙම ඉවත්ව යෑම අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි ද දේශපාලනය විශ්ලේෂකයෝ පෙන්වාදෙති.  
 
ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට සිදු වූ අසාධාරණයට අගමැති මෝදි වගකිව යුතු යැයි ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් චන්ද්‍රබාබු නයිදු අගමැතිවරයාට සෘජුව චෝදනා කළේය. 
 
එන්.ඩී.ටීවි/ ද හින්දු 

055