
තෙළිඟු නිළි හේමා, බැංගලූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, රාත්‍රී සාදයක් අතරතුරේදීය. කොකේන්, ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ළඟ තබා ගැනීම හේතුවෙන් මෙසේ හේමා අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.
අත්අඩංගුවට ගත් 57 හැවිරිදි හේමා ද නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පැවැසෙයි. සාදයට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ආවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
සාදයට පැමිණි 101 දෙනෙකු පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර, ඔවුන්ගෙන් හේමා ඇතුළු 86 දෙනකුම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සාදයේ දී හමුවුණු නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල තොගයක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තෙළිගු නිළිය අත්අඩංගුවේ