
තෙළිඟු නිළි හේමා, බැංගලූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, රාත්‍රී සාදයක් අතරතුරේදීය. කොකේන්, ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ළඟ තබා ගැනීම හේතුවෙන් මෙසේ හේමා අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.
අත්අඩංගුවට ගත් 57 හැවිරිදි හේමා ද නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පැවැසෙයි. සාදයට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ආවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
සාදයට පැමිණි 101 දෙනෙකු පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර, ඔවුන්ගෙන් හේමා ඇතුළු 86 දෙනකුම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සාදයේ දී හමුවුණු නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල තොගයක් පොලිසිය සිය භාරයට ගෙන ඇත.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd