විවාහයට පෙර අවිවාහකයන්ගේ හැසිරීමට වැට බැදීමේ අරමුණින් තරුණ යුවළකට ‘‘තාවකාලික‘‘ විවාහයකට එළැඹිමට අවස්ථාව ලබා දීමට හැකිවන සේ නීති සම්පාදනය කිරීමට ඉරානය සැරසේ.
ඉරාන පාර්ලිමෙන්තුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවකට අනුව විවාහ ජීවිතයට එළැඹිමට ප‍්‍රථමයෙන් සබදතා පවත්වන්නවුන්ගේ ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත.ඔවුන් අතරින් බහුතරය තරුණ තරුණියෝය.
බටහිර විචාරකයින් පෙන්වා දෙන්නේ ඉරානයේ පාලකයින්ට අතීතයේ මෙන් දැඩි මතධාරී පාලනයක් පවත්වාගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් පවතිනු මෙයින් හදුනාගත හැකිබවයි.
ඉරානයේ ජනගහණයෙන් තුනෙන් දෙකකගේම වයස අවුරුදු 35 ට අඩුය.
න්‍යෂ්ඨික අත්හදා බලමින් සිදුකරමින් සිටීම නිසා සම්බාධක පිට සම්බාදක පැනැවුනු ඉරානය අවසානයේ බටහිර හා එකගතාවයකට එළැඹිමෙන් පසු සම්බාධක ඉවත් කෙරී නැවත හිස ඔසමින් සිටින්නේ දැන්ය.
ඒ සමගම යම් තරමකට හෝ ජනතා මිත‍්‍ර පාලන ක‍්‍රමයක් පවත්වාගන්නේ නම් එය ඉරානයට තවත් යහපත් වනු ඇතැයි විචාරක මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩතුරා වලින් හැමදාම හැමදේම වහගෙන ඉන්න බැහැ (නි)