පකිස්තානයේ පන්ජාබ් නුවර තරුණියක් තම පළමු විවාහයෙන් නීතිමය ලෙස වෙන් නොවී දෙවැනි කසාදයක් කරගැනීම නිසා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඝාතනයට සැක පිට ඇගේ පළමු සැමියා සහ ඝාතනයට සහය දීම සම්බන්ධයෙන් ඇගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. විසි අට හැවිරිදි සාමියා සහිඩ් නම් එම තරුණිය ඇයගේ නෑදෑයන් හමුවීමට ගිය අතරවාරයේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

ඇයට හදවත් රෝගයක් තිබු බවත් ඇය මියගියේ එම රෝගයෙන් බවත් ඇයගේ නෑදෑයන් ප්‍රකාශ කර ඇතිමුත් ඇය ගෙල සිරවීමෙන් මිය ගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය .

කෙසේ වෙතත් අදාළ නඩුව විභාගයට ගැනුණු අධිකරණයේදී තරුණියගේ පියා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.