සම්මානලාභී ලේඛිකා බංග්ලාදේශ ජාතික තස්ලිමා නස්රීන් ආරක්ෂාව පතා ඉන්දියාවේ සිට ඇමරිකාවට ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය කියයි.
ඇයට ඇතිවූ මරණ තර්ජන හේතුවෙන් මෙසේ ඉන්දියාව හැර ගොස් ඇති බවත් විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි. ඇය 2004 වසරේදී ඉන්දියාවේ පදිංචියට පැමිණි අතර ඉස්ලාම් ආගම සම්බන්ධ ආන්දෝලනාත්මක කෘති රචනා කිරීම හේතුවෙන් ඇයට ජීවිත තර්ජන එල්ලවිය.
අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ ඝාතන ලැයිස්තුවේ ඇගේ නම සඳහන්ව ඇතැයිද මානව හිමිකම් සංවිධාන පවසයි. අන්තවාදී කණ්ඩායම්වල තර්ජන හේතුවෙන් ඇගේ මවුබිම වන බංග්ලාදේශය හැරදා යාමට ඇයට සිදුවූයේ 1994 වසරේදීය. දැනට 52 හැවිරිදි වියේ සිටින තස්ලිමා නස්රීන් තම ආරක්ෂාව පතා මීට පෙරද යුරෝපා හා ඇමරිකානු රටවල රැඳී සිටියාය.
තස්ලිමා නස්රීන් විසින් රචිත මුල්ම නවකතාව වූ ‘ලජ්ජා‘ කෘතිය ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වූ කෘතියක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුකිරි කාට කාටත් කියනේ ඇයි මුස්ලිම් විරෝධියෙකුට හොදම දේශපාලන රැකවරණය තියෙන්නේ ඇමරිකාවේ.?(ර)
ගමේ ගියා මෙයා සුබපැතුම්! සී.අයි.ඒ් ඔත්තු සේවිකාව. අපෙත් කට්ටිය ඉන්නවා ඔය වගේ (නදී)
පහන්, ඔබ තස්ලිමාගේ පොත ලජ්ජා කියවල තියෙනවාද? ඒක මුස්ලිම් වීරෝදී පොතක් නොවෙයි. (නදී)
ඔය කාට කටත් අන්තිමට ඉතින් ඇමරිකාව තමා පිහිට.(ම)
කොහේ ගියත් සාමයේ ආගමෙන් බේරෙන්න බැහැ!(නදී)
හොදට හොයල බලන්න.. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන කථා කරපු හැමෝට අවසානයේ රැකවරනය දෙන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ ඇමරිකාව වැනි බටහිර රටවල් පමනයි... (කේ)
ඇයි ඉතින් තුන් වේලටම ජාතිය අනුභව කරන අපේ බහුතර අයත් අන්තිමට හීන්සීරුවේ මාරුවෙන්නේ අමෙරිකාවටනේ. අපේ සමහර අයියලාට එහෙ පුරවැසිභාවයත් තියෙනවනේ. (නි)