
තෙවැනි ධුර කාලයක් සඳහා බලයේ සිටීමට තමන් කැමැත්තෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් පවතින නෛතික බාධා ඉවත් කිරීමට තම නීතීඥවරුන් උත්සාහ ගනිමින් සිටින බවත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, ඇමෙරිකන් ජනාධිපතිවරයකුට හිමිවන්නේ ධුර කාල දෙකක් පමණි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ එක් ධුර කාලයක් සිවු වසරකට සීමා වෙයි. ධුර කාල දෙකක් සම්පූර්ණ කළ ජනාධිපතිවරයකුට යළි ජනාධිපති ධුරයට පත් විය නොහැකිය.
ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය 2017 සිට 2021 දක්වා පැවැතිණි. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප්, ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය විය.
ට්‍රම්ප්, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඔහුට තව එක් ධුර කාලයක් ඉතිරි වී තිබුණු බැවිනි. ඒ අනුව, 2025 ජනවාරියේ දිවුරුම් දුන් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වන්නේ තව සිවු වසරකිනි.
ට්‍රම්ප් ඇමෙරිකන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, තමන් ඇමෙරිකන් ව්‍යවස්ථාව වෙනස් කරමින්, තෙවැනි ධුර කාලයක් ජනාධිපති ධුරයේ සිටීමට කැමැති බවය.
‘මම කරන්නේ විහිළුවක් නොවෙයි. ඒක කරන්න පුළුවන්. නීති වෙනස් කරන්න පුළුවන්. මම එහෙම කරන්න උත්සහ ගන්නවා‘ යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙවැනි ධුර කාලයක් බලයේ ඉන්න ට්‍රම්ප් කැමතියි
Roshan Wednesday, 02 April 2025 07:12 AM
මේක හොඳ දෙයක් නොවේ