බීජිංහිදීය (රොයිටර්)
මේ වසරේ තෙවැනි කාර්තුවේදී චීනයේ විදේශ ණය ප්‍රමාණය සියයට 7.5කින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.68ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට විදේශ විනිමානය පාලනායතනය සඳහන් කරයි.
එය දෙවැනි කාර්තුවේ සියයට 8.7 හා සැසඳීමේදී අඩුවීමක් යැයි ද එම ආයතනය පවසයි. චීනයේ විදේශ ණය තුළ වැඩි වශයෙන් ඇත්තේ ණය සුරැකුම්පත් වන අතර විදේශ ආයතන චීන ණය වෙළෙඳපොළට පිවිසීම ඊට ප්‍රධාන හේතුවයි. එමෙන්ම වෙළෙඳ ණය සහ පෙර ගෙවුම් චීනයේ විදේශ ණය වැඩිවීමට හේතු වී ඇතැයි එරට විදේශ විනිමය පාලන ආයතනය සඳහන් කරයි.
චීනයේ ප්‍රාග්ධන පාලනය සමාගම්වලට ඔවුන්ගේ ඩොලර් ණය දීර්ඝ කිරීමට සිදුවන තැනට පත් කර ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ පවසති. චීනයේ යුවාන් මුදල් ඒකකය ශක්තිමත් කිරීම සඳහා චීනය ඩොලර් ණය ගැනීම දිරිමත් කරන බව එම පිරිස පෙන්වාදෙති.
මේ අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට චීනයේ කෙටි කාලීන විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.09ක අගයක් ගෙන ඇතැයි ද එය සමස්ත ණයවලින් සියයට 65ක් ප්‍රතිශතයක් යැයි ද චීනයේ විදේශ විනිමය පාලනාධිකාරිය සඳහන් කර තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd