IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තෙවැනි කාර්තුවේ චීනයේ විදේශ ණය ට්‍රිලියන 1.68ක්

බීජිංහිදීය (රොයිටර්)
 
මේ වසරේ තෙවැනි කාර්තුවේදී චීනයේ විදේශ ණය ප්‍රමාණය සියයට 7.5කින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.68ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට විදේශ විනිමානය පාලනායතනය සඳහන් කරයි.
 
එය දෙවැනි කාර්තුවේ සියයට 8.7 හා සැසඳීමේදී අඩුවීමක් යැයි ද එම ආයතනය පවසයි. චීනයේ විදේශ ණය තුළ වැඩි වශයෙන් ඇත්තේ ණය සුරැකුම්පත් වන අතර විදේශ ආයතන චීන ණය වෙළෙඳපොළට පිවිසීම ඊට ප්‍රධාන හේතුවයි. එමෙන්ම වෙළෙඳ ණය සහ පෙර ගෙවුම් චීනයේ විදේශ ණය වැඩිවීමට හේතු වී ඇතැයි එරට විදේශ විනිමය පාලන ආයතනය සඳහන් කරයි. 
 
චීනයේ ප්‍රාග්ධන පාලනය සමාගම්වලට ඔවුන්ගේ ඩොලර් ණය දීර්ඝ කිරීමට සිදුවන තැනට පත් කර ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ පවසති. චීනයේ යුවාන් මුදල් ඒකකය ශක්තිමත් කිරීම සඳහා චීනය ඩොලර් ණය ගැනීම දිරිමත් කරන බව එම පිරිස පෙන්වාදෙති. 
 
මේ අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට චීනයේ කෙටි කාලීන විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.09ක අගයක් ගෙන ඇතැයි ද එය සමස්ත ණයවලින් සියයට 65ක් ප්‍රතිශතයක් යැයි ද චීනයේ විදේශ විනිමය පාලනාධිකාරිය සඳහන් කර තිබේ. 
 
055



අදහස් (0)

තෙවැනි කාර්තුවේ චීනයේ විදේශ ණය ට්‍රිලියන 1.68ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 726 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site