IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ප්‍රමාද කරන්න

'කොවිඩ් 19' වයිරසට එරෙහිව ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස තෙවැනි එන්නත් මාත්‍රාවක් 2022 වසර තෙක් කල් දමන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාව ඇතුළු බටහිර ධනවත්රටවලින් ද ඊශ්‍රායලයෙන් ද ඉල්ලීමක් කර තිබේ.

තෙවැනි මාත්‍රාවකට කලින් පළමුවෙන් කළ යුත්තේ පළමු සහ දෙවැනි මාත්‍රා ලෝකවාසී සියලුදෙනාටලබා දීම බවත්, තෙවැනි මාත්‍රාවක් ලබාදීම ඉන්පසු 2022 දී සිදුකළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය බටහිර ධනවත් රටවලට පෙන්වා දී ඇත.

''මා ධනවත් රටවලින් ඉල්ලීමක් කරනවා. බූස්ටර් එන්නත් ලබා දීමට හදිසි වෙන්න එපා. කොරෝනා වසංගතයෙන් මිදීමට නම්, ලොව සෑම කෙනකුම එන්නත් කළ යුතුයි. එසේ නොවුණොත් විටින් විට කොරෝනා වයිරසයේ විකෘති පැතිරෙන්න පටන් ගනීවි. ධනවත් රටවල් ඔවුන්ගේ වැසියන්ට පළමු සහ දෙවැනි එන්නත් ලබා දී ඇති නමුත් ඉතිරි එන්නත් ලොව සෙසු සැමට බෙදා දීමයි කළ යුත්තේ. ලෝකයේ සෑම කෙනකුටම පළමු සහ දෙවැනි එන්නත් ලබා දීමෙන් පසු ලබන 2022 වසරේ සිට බූස්ටර් එන්නත් ලබා දීම කළ යුතුයි.'' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කර තිබේ.

ප්‍රවර්ධක එන්නත් ලබා දීම ප්‍රමාද කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා බටහිර රටවලින් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළ දෙවැනි අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලය එරට වැසියන්ට ලබා දුන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය. ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දීමෙන් පසුව යළිත් ආසාදිතයන් වැඩි වීමට පටන් ගැනුණි. ඊට හේතුව වූයේ 'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තියයි. ඒ අනුව, 'ෆයිසර්' එන්නත් පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගත් සැමට තෙවැනි එන්නත් මාත්‍රාවක් ද ලබා දීම සිදුවිය. මේ වනවිට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවල් ද තෙවැනි එන්නත් මාත්‍රාව එරට වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, තවමත් රටවල් රැසක එක් එන්නතක් හෝ ලබා නොගත් බොහෝ දෙනකු සිටින බවය.

 

(රොයිටර්)



අදහස් (1)

තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ප්‍රමාද කරන්න

Rasika Friday, 10 September 2021 12:23 PM

අපේ බූස්ටර් වල ප්‍රගතිය බලන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site