ඇමරිකා ජනපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂක ධූරය බලාපොරොත්තුවෙන් තරග කළ ජෝන් කේසික් සටනින් ඉවත්ව ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දියානා ප්‍රාන්තයේ ජනපතිවරණ අපේක්ෂයා තෝරාගැනීමේ ඡන්දයෙන් පරාජය වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇතැයි කියති. කේසික් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපේක්ෂකත්වය ලබාගැනීමේ වැඩි අවස්ථාවක් උදාවී ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා පවසයි.

මීඨ පෙරද ජනපතිවරණ අපේක්ෂක සටනට එක්ව සිටි ටෙඩ් කෘෘස්ද ඉල්ලා අස්විය. ප්‍රතිවාදී පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් එම පක්ෂයේ ජනපතිධූර අපේක්ෂකත්වයේ ඉහළින්ම සිටින්නීය.

ඇමරිකා ජනාධිපතිවරණ සටන ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් අතර උණුසුම් තරගයක් වනු ඇතැයි එරට මාධ්‍ය දැනටමත් විශ්වාසය පළකර සිටී.