'ඩෙල්ටා', 'ලැම්බ්ඩා' වැනි විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙන, එන්නත්වලින් පවා අඩපණ කළ නොහැකි නව 'කොවිඩ් 19' වයිරස විකෘතියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව වයිරස විකෘතිය නම් කර ඇත්තේ 'කොවිඩ් 19 සී.1.2' ලෙසය.
'සී.1.2' විකෘතිය පළමු වරට හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි. ඒ, පසුගිය මැයි මාසයේය. 'සී.1.2' දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේද මුසුවීමෙන් නිර්මාණය වුණු නව විකෘතියක් බව පැවැසෙයි.
ඒ අනුව, 'සී.1.2' විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකානු වෛද්‍ය පර්යේෂකයන්ය.
දකුණු අප්‍රිකාවේ බෝ නොවන රෝග පිළිබඳ ජාතික ආයතනය සහ 'ක්වාසූලු නාටා' වයිරසවේදය පිළිබඳ පර්යේෂණ ආයතනය එක් වී එම අධ්‍යයනය සිදු කර ඇති අතර, ඒ සම්බන්ධ සියලු තොරතුරු සහ දත්ත ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර තිබේ.
'සී.1.2' විකෘතිය බිහිසුණු බවත්, ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, විමසිල්ලෙන් පසුවිය යුතු වයිරස විකෘතියක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඒ අනුවය.
දකුණු අප්‍රිකා පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, 'සී.1.2' වයිරස විකෘතිය එන්නත්වලට ප්‍රතිචාර නොදක්වනවා ද යන්න සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යයන සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. එම අධ්‍යයන මේ වනවිටත් ආරම්භ වී තිබේ.
පසුගිය අගෝස්තු 13 වැනිදා වනවිට, 'සී.1.2' විකෘතිය චීනය, කොංගෝ, මුරුසි දූපත, එංගලන්තය, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය ආදී රටවලින් හමුවුණු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
669
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් බිහිසුණු විකෘතියක් ’කොවිඩ් 19 සී.1.2’