අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආසන්නයේ හඳුනානොගත් පියාසර වස්තුවක් දර්ශනයව තිබේ.
මධ්‍යස්ථානය පිටත අලූත්වැඩියා කිරීමේ කටයුතු වල නිරතව සිටි ගගනගාමීන් දෙදෙනෙකු මෙය දැක ඇත.
රීඩ් වයිස්මන් හා ඇලෙක්සැන්ඩර් ග්‍රෙස්ට් නම් වූ ඔවුන් දෙදෙන වහාම එය වීඩියෝගත කර තිබේ.
තමන් දෙස බලා සිටින බවක් පෙනුනු එය තත්පර ගණනකදී නොපෙනී ගිය බව ඔවුන් කියයි.
වීඩියෝව අන්තර්ජාලයට එක්කෙරී තිබෙන අතර බොහෝ දෙනක් එය නරඹාද අවසන්ය.
එය පියාසර වස්තුවක්යැයි ගගනගාමීන් දෙදෙන පවසන්නේමුත් නාසා ආයතනය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණයට කලින් අපේ යන්න යන්නවත් ටෙස්ට් කරලා බැලුවද දන්නේ නැහැ (නදී)
අර ලංකාවේ උපාධියක් වත් නොලබා ඉන්න අභ්‍යවකාශ විද්‍යාඥයාගෙන් ඇහුවනම් හරියටම කියයි මේ මොකක්ද කියලා. (හේ)
තාම මේ ගැන නාසා අායතනයවත් ප්‍රකාශයක් නිකුත් කරලා නෑ.(හේ)
ඒ දෙන්නා ජනප්‍රිය වෙන්න හදපු කතාවක්ද දන්නේ නෑ.(හේ)
නලින්ගේම අදහස තමයි එකවරම මගේ හිතට ආවෙත්. අද හෙටම ඕක වාරියපොළ පැත්තට ගොඩබහින්නත් බැරි නැහැ. (නි)
ඇත්ත වශයෙන්ම පිටසක්වල ජීවීන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. ඒරියා51 වීඩියෝව බලලා තියනවද? අපිට වඩා දියුණු ජීවීන් සිටින බවයි මගේ මතය (නි)
දැන් තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්නයක්.(හේ)
මේ අර ජනතා මුදලින් චීනෙන් කුලියට අරන් උඩ ඇරපු චන්ද්‍රිකාව නෙමෙයිද? (ස)
පිටසක්වල ජීවින් ඇතියයි පිළිගැනීමට ඇති සාධක ජීවින් නැතියයි පිළිගැනීමට ඇති සාධක වලට වඩා බොහොම වැඩියි. ඒ වගේම එම සාධක විද්‍යානුකුලයි. (ස)
රාවනාගෙ දඩුමොනරයද දන්නෙ නෑ. (නදී)
විශ්වයේ කොතරම් නම් දේවල් ජීවින් සිටින්න පුළුවන් ද?(හේ)
නියමයි (නදී)