සිරියාවේ අයින් ඇල් අරබ් නගරය අයි.එස්. සටන්කාමීන් අතට පත්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ නගරය එරට කුර්දි ජනගහණයක් සිටින තෙවැනි විශාලතම නගරයයි.
දැනට අයි.එස්. සටන්කාමීන් අයින් අල් ඇරබ් නගරයට කිලෝ මීටර 10ක් ආසන්නයට ම පැමිණ ඇත.
මේ ගැටුම හේතුවෙන් සිරියාවේ දහස් ගනනක් තුර්කියට යමින් සිති. තුර්කි අගමැති අහමඩ් වඩුටෝග්ලු පවසන්නේ සිරියානු වැසියන් 60,000 ට අධික පිරිසක් තුර්කියට ඇතුළු වූ බවයි.
සිරියාවේ අයිඑස් සටන්කාමීන් ගම්මාන 60ට වැඩි ප්‍රමාණයක් පසුගිය දින පහක කාලයේ දී අත්පත් කැරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය ප්‍රකාශකර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයම වනසන අන්තවාදීන් විනාශ කරන්න ඇමරිකාව ගන්නා උත්සාහය අපි කවුරුත් අගය කරමු (නි)
මේ අයට කියන්න ඕනා සටන්කාමීන් නොවෙයි ත්‍රස්තවාදීන් (නදී)