IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තුවක්කුවත් අරන් අකුරට යන්න වරම්

ඇමරිකාවේ ඔස්ටිඩ් හි ටෙක්සාස් සරසවියේ සිසුනට ලඟ දීම පිස්තෝල රුගෙන සරසවි ඒමට අවසර ලැබෙනු ඇත. ටෙක්සාස් ප්‍රාන්ත රජය පැනවූ නීති අනූව සරසවියට අවි රුගෙන ආ හැකි ආකාරය සරසවි සභාපති අද අනුමත කළේය.

විශ්ව විද්‍යාලය තුළ ගිනි අවි භාවිත කිරීම සඳහා වන මාර්ගෝපදේශය හා අවසර ලබාදීමට ද ටෙක්සාස් විශ්ව විද්‍යාලයයේ පාලක ග්‍රෙගරි ෆෙන්වේස් ඉකුත් දා කටයුතු කළේය. විශ්වවිද්‍යාල තුළ ගිනි අවි භාවිත කිරීම සම්බන්ධයෙන් නීතියක් සම්මත කිරීමට ද ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කර තිබිණි.

‘ගිනි අවි භාවිත කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති නිර්දේශ මා හොඳින් අධ්‍යයනය කළා. මා ඒ ගැන විශ්වවිද්‍යාලයේ කි්‍රයාකාරී කමිටුව සමඟ සාකච්ඡා කළා. ඊට පස්සෙයි මෙය කි්‍රයාත්මක කරන්න  තීරණය කළා‘ යැයි ෆෙන්වේස් පවසා ඇත.

ගිනි අවි මිලදී ගැනීම්, ගිනි අවි නිසා සිදුවන ප්‍රචණ්ඩ කි්‍රයා නවත දැමීම සඳහා විධායක කි්‍රයාමාර්ග ගන්නා බව ඇමෙරිකා ජනපති බරැක් ඔාබාම මේ වසරේ ආරම්භයේදී පැවැසීය.

    පසුගිය වසරේ පමණක් ඇමෙරිකාවේ කළ වෙඩි තැබීම්වලින් 13,286 දෙනකු ජීවිතක්ෂයට පත්ව 26,819 දෙනෙක් තුවාල ලැබූහ. එම වෙඩි තැබීම්වලින් 64ක් සිදුව ඇත්තේ පාසල්වලය. කෙසේ වෙතත් මේ වාර්තා පසුගිය වසරේ අවසාන සතියේ සිදුවීම්වල තොරතුරු එක්රැස් කළ විට සිය ගණනින් ඉහළ යනු ඇතැයි ගිනි අවි ප්‍රචණ්ඩ කි්‍රයා සම්බන්ධ තොරතුරු එක්රැස් කරන එරට රාජ්‍ය ලේඛනාගාරය සඳහන් කර සිටියි.
    

 



අදහස් (0)

තුවක්කුවත් අරන් අකුරට යන්න වරම්

රන්ජිත් මිලානෝ Wednesday, 24 February 2016 12:14 PM

ලෝකයේ ජීවත්වීමට අනාරක්ෂිතම රටක් ඇමරිකාව. ඒ අතින් යුරෝපය මොනතරම් පුරවැසියාට හිතකරද. (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Wednesday, 24 February 2016 01:29 PM

ආමරිකාවේ බොහොම ප්‍රාන්ත සාමකාමියි. මේ වෙඩි තැබීම් බොහෝවිට සිදුවන්නේ නගරවල මත්ද්‍රව්‍ය විකුණන අපරාධ කණ්ඩායම් අතර නැත්නම් අපරාධ කණ්ඩායම් හා පොලීසිය අතර (නි)

:       0       0

මුදලිගේ Wednesday, 24 February 2016 02:41 PM

බළලුන් ලවා කොස් ඇට බෑවීම සහ ඇමෙරිකානු රජයේ නොහැකියාව! (නි)

:       0       0

තුසිත Thursday, 25 February 2016 10:35 AM

අවි ගත්තෝ විතරක් නෙවේ අවි නැත්තෝ නැසෙන් නෙත් අවියෙන්ම තමා. මොකද අවිය තියන කෙනා නැති කෙනාට වෙඩි තියන නිසා... (ර)

:       0       0

නුවන් Thursday, 25 February 2016 10:36 AM

රංජිත්, ඇමරිකාව ලෝකයේ ආරක්ෂිතම රටක්. ලෝකයේ අනාරක්ෂිත රටවල් තිබෙන්නේ දකුණු ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ (දකුණු ඇමරිකාව) (ර)

:       0       0

චානක - ලොස් ඇන්ජලීස් Thursday, 25 February 2016 10:49 AM

සුනිල් ඇමරිකාවේ හැමකෙනෙකුටම හැමතනකටම තුවක්කු ගෙනියන්න බෑ. අධිකරණයකින් වරදකට දඩුවම් නොලැබූ වැඩිහිටි පුරවැසියන්ට ෆෙඩරල් රජයේ මුලික පරීක්ෂාවකින් පසු තමා අවියක් මිලට ගත හැකි වන්නේ. එයත් කුඩා ළමයින් ගැවසෙන ප්‍රදේශවලට ගෙනියාම තහනම්. (ර)

:       0       0

සුනිල් ගිකියනගේ Wednesday, 24 February 2016 04:47 PM

මානව අයිතිවාසිකම් ගැන මහා ඉහලින් කතා කරන ඇමරිකාව හැම තැනම තුවක්කු ගෙනියන්න පුලුවන්. පුදුම රටක් (අ)

:       0       0

චින්තක Thursday, 25 February 2016 07:59 PM

අනේ හැබෑට අබුද්දස්ස කාලේ! (නි)

:       0       0

රන්ජිත් මිලානෝ Thursday, 25 February 2016 10:29 PM

ඇමරිකාවේ හැම අවුරුද්දකම වගේ පාසල් වල සමුහ ඝාතන සිද්ධවෙනවා. (නි)

:       0       0

ලක්සිරි Thursday, 25 February 2016 08:31 AM

අවි ගත්තෝ අවියෙන් නැසෙති (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site