ඇමරිකාවේ ඔස්ටිඩ් හි ටෙක්සාස් සරසවියේ සිසුනට ලඟ දීම පිස්තෝල රුගෙන සරසවි ඒමට අවසර ලැබෙනු ඇත. ටෙක්සාස් ප්‍රාන්ත රජය පැනවූ නීති අනූව සරසවියට අවි රුගෙන ආ හැකි ආකාරය සරසවි සභාපති අද අනුමත කළේය.

විශ්ව විද්‍යාලය තුළ ගිනි අවි භාවිත කිරීම සඳහා වන මාර්ගෝපදේශය හා අවසර ලබාදීමට ද ටෙක්සාස් විශ්ව විද්‍යාලයයේ පාලක ග්‍රෙගරි ෆෙන්වේස් ඉකුත් දා කටයුතු කළේය. විශ්වවිද්‍යාල තුළ ගිනි අවි භාවිත කිරීම සම්බන්ධයෙන් නීතියක් සම්මත කිරීමට ද ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කර තිබිණි.

‘ගිනි අවි භාවිත කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති නිර්දේශ මා හොඳින් අධ්‍යයනය කළා. මා ඒ ගැන විශ්වවිද්‍යාලයේ කි්‍රයාකාරී කමිටුව සමඟ සාකච්ඡා කළා. ඊට පස්සෙයි මෙය කි්‍රයාත්මක කරන්න  තීරණය කළා‘ යැයි ෆෙන්වේස් පවසා ඇත.

ගිනි අවි මිලදී ගැනීම්, ගිනි අවි නිසා සිදුවන ප්‍රචණ්ඩ කි්‍රයා නවත දැමීම සඳහා විධායක කි්‍රයාමාර්ග ගන්නා බව ඇමෙරිකා ජනපති බරැක් ඔාබාම මේ වසරේ ආරම්භයේදී පැවැසීය.

    පසුගිය වසරේ පමණක් ඇමෙරිකාවේ කළ වෙඩි තැබීම්වලින් 13,286 දෙනකු ජීවිතක්ෂයට පත්ව 26,819 දෙනෙක් තුවාල ලැබූහ. එම වෙඩි තැබීම්වලින් 64ක් සිදුව ඇත්තේ පාසල්වලය. කෙසේ වෙතත් මේ වාර්තා පසුගිය වසරේ අවසාන සතියේ සිදුවීම්වල තොරතුරු එක්රැස් කළ විට සිය ගණනින් ඉහළ යනු ඇතැයි ගිනි අවි ප්‍රචණ්ඩ කි්‍රයා සම්බන්ධ තොරතුරු එක්රැස් කරන එරට රාජ්‍ය ලේඛනාගාරය සඳහන් කර සිටියි.