IMG-LOGO

තුවක්කුකරුවෝ පාසැල් දරුවන් සිය ගණනක් පැහැර ගනිති

නයිජීරියාවේ වයඹ දිග පාසලකට එල්ලවූ ප්‍රහාරයකින් පසු සිසුන් සිය ගණනක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
 
කට්සිනා ප්‍රාන්තයේ රජයේ විද්‍යා ද්විතියික පාසලට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
 
බලධාරීන් පවසන්නේ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි තුවක්කුකරුවන් විසින් සිසුන් පැහැරගෙන ගොස් ඇති බවයි.
 
තුවක්කුකරුවන් විසින් සිසුන් ගනනාවක් රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
 
යතුරුපැදි වලින් පැමිණි ප්‍රහාරකයන් පිරිස අහසට වෙඩි තබා, දරුවන් නිවසට රැගෙන යාමට පැමිණ සිටි දෙමාපියන් බිය වද්දා පළවාහැර තිබේ.
 
පොලිසිය පවසන්නේ ප්‍රහාරය පැයකට වැඩි කාලයක් පැවති බවයි. පොලිසිය පැමිණීමට පෙර පාසලේ ආරක්ෂක අංශ විසින් ප්‍රහාරකයින් කිහිපදෙනකු පලවාහැරීමට සමත්වී ඇතැයි බලධාරීහු පවසති.
 
පාසලේ සිසුන් 800ක් පමණ ඉගෙනුම ලබන අතර පලාගිය සහ අතුරුදන්යැයි මුලින් සැලකූ සිසුන් 200ක් පමණ නැවත පැමිණ ඇත.
 
පැහැරගෙන ගොස් ඇති සංඛ්‍යාව නිශ්චිතව මෙතෙක් ප්‍රකාශ වී නොමැති අතර සිසුන් 400ක් පමණ පැහැර ගන්නට ඇති බවට අනුමාන කෙරේ.
 
 
කෙසේවුවද බලධාරීන් පවසන්නේ සිසුන්ට තුවාල සිදුවූ බවට වාර්තා නොමැති බවයි.
 
නයිජීරියානු ජනපති මුහමුදු බුහාරි ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර සිසුන් බේරාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් දී තිබේ.
 
දරුවන් කොපමණ සංඛ්‍යාවක් අතුරුදන්ව ඇත්දැයි සොයාබැලීමට විගණනයක් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා පාසලට නියෝග කර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

තුවක්කුකරුවෝ පාසැල් දරුවන් සිය ගණනක් පැහැර ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 96 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 257 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site