ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාඩිනෝහිදී පුද්ගලයන් 14 දෙනකු මරාදැමූ තුවක්කුකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් මිය ගිය බව එරට පොලිසිය පවසයි.
රයිෆල් හා පිස්තෝල අතැතිව සිටි පුද්ගලයන් 5 දෙනකුගෙන් පමණ යුතු කණ්ඩායමේ පිරිමියකු හා කාන්තාවක මෙසේ පොලිසිය අතින් ඝාතනය වී ඇති අතර ඔවුන් අද පෙරවරුවේ සැන් බර්නාඩිනෝහි සන්නිවේදන කේන්ද්‍රයේ පැවැති සාදයකට පැන මෙසේ වෙඩි තබා ඇතැයි කියති.
2012 වසරේදී නිවුටන් හි පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු සිදුවූ විශාලතම සමූල ඝාතනය මෙය බව බීබීසී පුවත් සේවය පවසයි. එහිදී පුද්ගලයන් 26 දෙනකු මරා දැමිණි.
එම වෙඩි ප්‍රහාරයෙන් 17 දෙනකු තුවාල ලබා ඇතැයිද එරට රෝහල් ආරංචි කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ මැදපෙරදිග රටවල්. අනෙක මේක ත්‍රස්තවාදී අරමුනකින් කරපු ප්‍රකාශයක් නෙමේ. (ර)
ඇමරිකාව පුරවැසි ආරක්ෂාව අතින් අන්තිමය. පාසල් සහ විශ්ව විද්‍යාල තුල ඝාතන සිදුවන්නේ ඇමරිකාවේ පමණි. සමාජ සුබසාධනයක් නොමැති කමත් මුදල් ඇති ධනවත් පන්තියට දියුණුවීමේ සියලු මාර්ග විවෘත වී තිබීම නිසාත් දුප්පත් පන්තියට හොඳ පාසල්, විශ්ව විද්‍යාල සහ ලෙඩ රෝගවලට බෙහෙතක් ගැනීම පවා අපහසුය. කොටිපතියන්ට සුරපුරක්. (ර)
පුදුම වැඩක් දැන් මේක. හැම තැනම අපරාධ. (ර)
පිටිගල-මිලානොගේ අදහසට මමත් එකඟයි. කව්ද මේ නාමල් කියන්නේ? කොහොමද දන්නේ උඩගෙඩි දෙන්නේ මැදපෙරදිග රටවල් කියලා? (නි)
නාමල් ඔය ත්‍රස්තවාදීන් ලග තියෙන ආයුධ මැද පෙරදිග නිෂ්පාදිත ඒවාද ඇමෙරිකාවේ ඒවාද.? (ර)
පිටිගල වැස්සකට වත් ඇමරිකාවටගිහින් තියෙනවද? මම මෙහෙ අවුරුදු 20 තිස්සෙ ඉන්නවා... අඩු ආදායම් ලාභීන්ට මෙහේ විශ්වවිද්‍යාල වලට යන්න , බෙහෙත් ගන්න බෑ කියන්නේ හීනෙන්ද? ඇමරිකාවේ සමාජ සුභසාධන ගැන ඔබ ඉගෙනගෙන කතාකරන්න... තමන්ගෙ නොදන්නාකම පෙන්වන්නේ නැතිව. (අ)
සිල්වා මහත්මයා, අපිටත් කියලා දෙන්නකෝ වැස්සකට ඇමෙරිකාවට යන විදිය (නි)
මේක තමා හලෝ එයාලගේ ශුද්ධ වූ පොතේ කියලා තියෙන්නේ කරන්න කියාලා. (අ)
සිල්වා, ඔයා ඇමෙරිකාවේ අවුරුදු 20 හිටියද ? මෙතන තව ඉන්නවා අවුරුදු 20 ඇමෙරිකාවේ හිටපු අය. සුමනක්කත් දැන් ඇමෙරිකවෙනේ. (අ)
මරපු අඹු සැමි යුවල සුදු කොඩි පෙන්නලා යටත් වුණේ නැතිද ,විභාගයක් නොකරම මරල දැම්මද .බැන්කි මූන් ට තමයි ප්‍රශ්නේ විසදන්න වෙන්නේ (අ)
සිල්වා උන්නැහේ, සෞඛ්‍යට රක්ෂණයක් ගන්න ඕනෑ නම්, පිළිගත් විශ්ව විද්‍යාල සියල්ල පෞද්ගලික නම්, හරිහමන් අධ්‍යාපනයක් දෙන පාසල් පුද්ගලික නම් දුප්පත් මිනිස්සු ගොඩයන්නේ කොහොමද? යුද වියදම් අධික නිසා මේ ඇති නැති පරතරය අද ඇමරිකාවටම ප්‍රශ්නයක්. ලංකාවේ මිනිස්සු නිව්යෝර්ක් වල නිල් කඩ වලයි ලොස් ඇන්ජලිස් පැත්තේ උදවිය සාත්තු නිවාස වලයි වැඩකරමින් සිටින හැටි මම දැක්කා. (නි)
මගේ යාලුවෙක්ගේ ප්‍රෙෂර් බෙහෙත් ගන්න ගියා හාර්බර් යුනිවර්සිටි රෝහලට. සෞඛ්‍ය රක්ෂණය අවසන් නමුත් නැවත අලුත් කරගැනීමට නොහැකි නිසා බෙහෙත් ගන්න බැරි නිසා දොස්තර එයාව බැලීම ප්‍රතික්ෂේප කළා. සිල්වා, ඔයා ඇත්තටම ඇමරිකාවේද ඉන්නේ? (නි)
දිලිප් ඔබට වැරදිලා. ඇමරිකාවේ රැකියාව නැති කෙනෙකුට මාස 6 යනතුරු රජය 'අන්-එම්ප්ලෝයිමන්ට් බෙනිෆිට්' හෙවත් විරැකියා දීමනාවක් ගෙවනවා. දරුවෙක් සිටින පවුලක් නම් හෝ අවිවාහක මවක් නම් දීමනාව දීර්ඝ කරගත හැකියි. චන්දි, ඔබ කියන යාලුවා ඇමරිකානු පුරවැසියෙක්ද? එහෙනම් ලොස් ඇන්ජලීස් වල 'ෆ්‍රී ක්ලිනික්' එකකට යන්න. මෙතැනින් බලාගතහැකියි.. http://www.freeclinics.com/cit/ca-los_angeles (නි)
මෙතන මිනි මැරුම් වෙලා.අපේ කට්ටිය වෙන දේවල් ගැන පම්පෝරිය.පිස්සු හැදෙනවා.මිය ගිය සියලු දෙනාට නිවන් සැප. (ම)
කණගාටුදායක පුවතක් (නි)
සිල්වා, අවුරුදු 20ක් ඇමරිකාවේ හිටියා කිව්වට මට නම් සැකයි. මොකද ඇමරිකාවේ රස්සාවක් නැත්නම් සෞඛ්‍ය රක්ෂණයක් නැහැ. යන්න යුරෝපයට හෝ ඕස්ට්‍රේලියාවට, ලෝකයේ නියම සුබසාධන වැඩපිළිවෙලවල් බැලීමට නම් (නි)
පෙනුමෙන් නම් මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවේ. ඇමෙරිකාවට මෙවෙනි ප්‍රහාර එල්ල කරන්නේ ඇමරිකා ජතිකයන්ම තමා. ඇමෙරිකානු ක්‍රමෝපායන් නිසා ත්‍රස්තවාදී සංවිදාන බලවත් වූ අවස්ථා ඕනෑතරම් තියෙනවා.කොටි සංවිදානයට එම්16 මැෂින් තුවක්කු පවා තිබුන. (ස)
සිල්වා, යූඑස්ඒ වල කොහෙද සුභසාධන? . (නි)
අනෙක් රටවල ත්‍රස්තවාදයට උඩගෙඩිදීමේ ඵලවිපාක තමයි. කෙසේනමුත් වෙඩි කා මියයන්නේ සාමාන්‍ය මිනිසුන්. මියගිය සියලු දෙනාටම නිවන් සුව! (නි)
ඇමරිකාවේ ලාංකිකයන් ලංකාව වෙනුවෙන් කිසිම සමාජ සත්කාරයක යෙදෙනවා අපි අහල නැහැ. යුරෝපයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් නම් ලංකාවට මෙලෙස සත්කාරයන් විවිධ පරිත්‍යාග ඔස්සේ ලැබෙනවා. (බ)