IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තුවක්කුකරුවෝ කැලිෆෝනියාවේ 14ක් මරති

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාඩිනෝහිදී පුද්ගලයන් 14 දෙනකු මරාදැමූ තුවක්කුකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් මිය ගිය බව එරට පොලිසිය පවසයි.

රයිෆල් හා පිස්තෝල අතැතිව සිටි පුද්ගලයන් 5 දෙනකුගෙන් පමණ යුතු කණ්ඩායමේ පිරිමියකු හා කාන්තාවක මෙසේ පොලිසිය අතින් ඝාතනය වී ඇති අතර ඔවුන්  අද පෙරවරුවේ සැන් බර්නාඩිනෝහි සන්නිවේදන කේන්ද්‍රයේ පැවැති සාදයකට පැන මෙසේ වෙඩි තබා ඇතැයි කියති.

2012 වසරේදී නිවුටන් හි පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු සිදුවූ විශාලතම සමූල ඝාතනය මෙය බව බීබීසී පුවත් සේවය පවසයි. එහිදී පුද්ගලයන් 26 දෙනකු මරා දැමිණි.

එම වෙඩි ප්‍රහාරයෙන් 17 දෙනකු තුවාල ලබා ඇතැයිද එරට රෝහල් ආරංචි කියයි.

_87005559_san_bernadino_shooting_v02_624map _87007964_0304055-201512342 _87007987_1eb926ab-3e31-4f6b-9020-81032ade7600

 

 



අදහස් (0)

තුවක්කුකරුවෝ කැලිෆෝනියාවේ 14ක් මරති

නාමල් - නෙව්යෝක් Thursday, 03 December 2015 07:40 AM

ඉන්දික, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ මැදපෙරදිග රටවල්. අනෙක මේක ත්‍රස්තවාදී අරමුනකින් කරපු ප්‍රකාශයක් නෙමේ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 03 December 2015 07:42 AM

ඇමරිකාව පුරවැසි ආරක්ෂාව අතින් අන්තිමය. පාසල් සහ විශ්ව විද්‍යාල තුල ඝාතන සිදුවන්නේ ඇමරිකාවේ පමණි. සමාජ සුබසාධනයක් නොමැති කමත් මුදල් ඇති ධනවත් පන්තියට දියුණුවීමේ සියලු මාර්ග විවෘත වී තිබීම නිසාත් දුප්පත් පන්තියට හොඳ පාසල්, විශ්ව විද්‍යාල සහ ලෙඩ රෝගවලට බෙහෙතක් ගැනීම පවා අපහසුය. කොටිපතියන්ට සුරපුරක්. (ර)

:       0       0

අමල් Thursday, 03 December 2015 12:37 PM

පුදුම වැඩක් දැන් මේක. හැම තැනම අපරාධ. (ර)

:       0       0

සුලෝචන Thursday, 03 December 2015 08:07 AM

පිටිගල-මිලානොගේ අදහසට මමත් එකඟයි. කව්ද මේ නාමල් කියන්නේ? කොහොමද දන්නේ උඩගෙඩි දෙන්නේ මැදපෙරදිග රටවල් කියලා? (නි)

:       0       0

පියුමි Thursday, 03 December 2015 12:42 PM

නාමල් ඔය ත්‍රස්තවාදීන් ලග තියෙන ආයුධ මැද පෙරදිග නිෂ්පාදිත ඒවාද ඇමෙරිකාවේ ඒවාද.? (ර)

:       0       0

සිලවා ලොස්ඇන්ජලිස් Thursday, 03 December 2015 12:57 PM

පිටිගල වැස්සකට වත් ඇමරිකාවටගිහින් තියෙනවද? මම මෙහෙ අවුරුදු 20 තිස්සෙ ඉන්නවා... අඩු ආදායම් ලාභීන්ට මෙහේ විශ්වවිද්‍යාල වලට යන්න , බෙහෙත් ගන්න බෑ කියන්නේ හීනෙන්ද? ඇමරිකාවේ සමාජ සුභසාධන ගැන ඔබ ඉගෙනගෙන කතාකරන්න... තමන්ගෙ නොදන්නාකම පෙන්වන්නේ නැතිව. (අ)

:       0       0

ඉන්දික Thursday, 03 December 2015 01:35 PM

සිල්වා මහත්මයා, අපිටත් කියලා දෙන්නකෝ වැස්සකට ඇමෙරිකාවට යන විදිය (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 03 December 2015 02:21 PM

මේක තමා හලෝ එයාලගේ ශුද්ධ වූ පොතේ කියලා තියෙන්නේ කරන්න කියාලා. (අ)

:       0       0

චාමර Thursday, 03 December 2015 02:23 PM

සිල්වා, ඔයා ඇමෙරිකාවේ අවුරුදු 20 හිටියද ? මෙතන තව ඉන්නවා අවුරුදු 20 ඇමෙරිකාවේ හිටපු අය. සුමනක්කත් දැන් ඇමෙරිකවෙනේ. (අ)

:       0       0

සරත් Thursday, 03 December 2015 02:35 PM

මරපු අඹු සැමි යුවල සුදු කොඩි පෙන්නලා යටත් වුණේ නැතිද ,විභාගයක් නොකරම මරල දැම්මද .බැන්කි මූන් ට තමයි ප්‍රශ්නේ විසදන්න වෙන්නේ (අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 03 December 2015 03:37 PM

සිල්වා උන්නැහේ, සෞඛ්‍යට රක්ෂණයක් ගන්න ඕනෑ නම්, පිළිගත් විශ්ව විද්‍යාල සියල්ල පෞද්ගලික නම්, හරිහමන් අධ්‍යාපනයක් දෙන පාසල් පුද්ගලික නම් දුප්පත් මිනිස්සු ගොඩයන්නේ කොහොමද? යුද වියදම් අධික නිසා මේ ඇති නැති පරතරය අද ඇමරිකාවටම ප්‍රශ්නයක්. ලංකාවේ මිනිස්සු නිව්යෝර්ක් වල නිල් කඩ වලයි ලොස් ඇන්ජලිස් පැත්තේ උදවිය සාත්තු නිවාස වලයි වැඩකරමින් සිටින හැටි මම දැක්කා. (නි)

:       0       0

චන්දි- ලොස් ඇන්ජලිස් Thursday, 03 December 2015 04:01 PM

මගේ යාලුවෙක්ගේ ප්‍රෙෂර් බෙහෙත් ගන්න ගියා හාර්බර් යුනිවර්සිටි රෝහලට. සෞඛ්‍ය රක්ෂණය අවසන් නමුත් නැවත අලුත් කරගැනීමට නොහැකි නිසා බෙහෙත් ගන්න බැරි නිසා දොස්තර එයාව බැලීම ප්‍රතික්ෂේප කළා. සිල්වා, ඔයා ඇත්තටම ඇමරිකාවේද ඉන්නේ? (නි)

:       0       0

නිපුන ලොස් ඇන්ජලීස් Friday, 04 December 2015 05:52 AM

දිලිප් ඔබට වැරදිලා. ඇමරිකාවේ රැකියාව නැති කෙනෙකුට මාස 6 යනතුරු රජය 'අන්-එම්ප්ලෝයිමන්ට් බෙනිෆිට්' හෙවත් විරැකියා දීමනාවක් ගෙවනවා. දරුවෙක් සිටින පවුලක් නම් හෝ අවිවාහක මවක් නම් දීමනාව දීර්ඝ කරගත හැකියි. චන්දි, ඔබ කියන යාලුවා ඇමරිකානු පුරවැසියෙක්ද? එහෙනම් ලොස් ඇන්ජලීස් වල 'ෆ්‍රී ක්ලිනික්' එකකට යන්න. මෙතැනින් බලාගතහැකියි.. http://www.freeclinics.com/cit/ca-los_angeles (නි)

:       0       0

නිලාන් Friday, 04 December 2015 07:18 AM

මෙතන මිනි මැරුම් වෙලා.අපේ කට්ටිය වෙන දේවල් ගැන පම්පෝරිය.පිස්සු හැදෙනවා.මිය ගිය සියලු දෙනාට නිවන් සැප. (ම)

:       0       0

කස්තුරිආරච්චි Thursday, 03 December 2015 10:18 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 03 December 2015 10:22 PM

සිල්වා, අවුරුදු 20ක් ඇමරිකාවේ හිටියා කිව්වට මට නම් සැකයි. මොකද ඇමරිකාවේ රස්සාවක් නැත්නම් සෞඛ්‍ය රක්ෂණයක් නැහැ. යන්න යුරෝපයට හෝ ඕස්ට්‍රේලියාවට, ලෝකයේ නියම සුබසාධන වැඩපිළිවෙලවල් බැලීමට නම් (නි)

:       0       0

සම්පත් Thursday, 03 December 2015 10:08 AM

පෙනුමෙන් නම් මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවේ. ඇමෙරිකාවට මෙවෙනි ප්‍රහාර එල්ල කරන්නේ ඇමරිකා ජතිකයන්ම තමා. ඇමෙරිකානු ක්‍රමෝපායන් නිසා ත්‍රස්තවාදී සංවිදාන බලවත් වූ අවස්ථා ඕනෑතරම් තියෙනවා.කොටි සංවිදානයට එම්16 මැෂින් තුවක්කු පවා තිබුන. (ස)

:       0       0

චන්ද්‍රිකා Friday, 04 December 2015 09:40 PM

සිල්වා, යූඑස්ඒ වල කොහෙද සුභසාධන? . (නි)

:       0       0

ඉන්දික Thursday, 03 December 2015 07:11 AM

අනෙක් රටවල ත්‍රස්තවාදයට උඩගෙඩිදීමේ ඵලවිපාක තමයි. කෙසේනමුත් වෙඩි කා මියයන්නේ සාමාන්‍ය මිනිසුන්. මියගිය සියලු දෙනාටම නිවන් සුව! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 04 December 2015 08:52 AM

ඇමරිකාවේ ලාංකිකයන් ලංකාව වෙනුවෙන් කිසිම සමාජ සත්කාරයක යෙදෙනවා අපි අහල නැහැ. යුරෝපයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් නම් ලංකාවට මෙලෙස සත්කාරයන් විවිධ පරිත්‍යාග ඔස්සේ ලැබෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site